Life Story

මම මගේ හොඳම යාලුවා එක්ක විවාහ වෙන්නෙ. මම ජීවිතේ ලබන්න කැමතිම වෙච්ච අත්දැකීම ඒක – වොල්ගා කල්පනි

වොල්ගා කල්පනී කියනවාටත් වඩා ටුටූ කියන නමින් තමයි ඇයව ගොඩක් දෙනෙක් මේ දවස් වල අමතන්නේ. පාරදිගේ ටෙලි නාට්‍යය තුළ ඇය රඟදක්වන එම චරිතයට බොහෝ ප්‍රේක්ෂකයින් වහ වැටී සිටින්නේ ඇයගේ වූ තාත්වික රංගන හැකියාව නිසාමයි. ඒ වගේම තමයි ටෙලිනාට්‍ය තුළ පමණක් නොව සිනමා නිර්මාණ තුලත් මියුසික් වීඩියෝස් තුළත් අපට ඇයව දැකබලා ගන්නට පුලුවන් වෙනවා. මේ වන විට තනිකඩ ජීවිතයක් ගත කරන ඇය විවාහ වන්නේ අපි කවුරුත් ආදරය කරන කඩවසම් රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගේ සමඟයි.

ආදරය කර අති උත්කර්ෂවත් අන්දමින් මංගල උත්සවයක් ගෙන විවාහ වුවත් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයෙන් වෙන් වීමට ඔවුන් දෙපළ තීරණය කරනවා. විවාහයෙන් වෙන් වීමෙන් පසු වොල්ගා තනිකඩ දිවියක් ගත කළත් හර්ෂණ බෙත්මගේ නම් දෙවැනි වරටත් සුරූපී යුවතියක් වන අරුණි සමඟ ඉතාමත් ප්‍රීතිමත් සතුටුදායක විවාහ දිවියක් ගත කරන බව සමාජ මාධ්‍ය තුළින් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඉතින් මීට බොහෝ කලකට පෙර වොල්ගා කල්පනී එකතු වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී විවාහයෙන් වෙන්වීම පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදියට.

” හැම විවාහයෙන් වෙන්වීමකට ම මම කියන් නෑ එක්කෙනෙක් වැරදි යි කියලා. මම මගේ හොඳම යාලුවා එක්ක විවාහ වෙන්නෙ. අදටත් ඔහු සමඟ තරහා නෑ. හොඳට කතා කරලා සුහදව ඉන්නවා. මම වෙන කෙනෙක්ට චෝදනා කරන් නෑ. වොල්ගා තනිකඩයි කියනවා නම් එහි සියලු වගකීම භාරගන්නෙ මම. “

ඒ වගේම මාධ්‍යවේදියා විසින් විවාහයේදී දරුවන් ඉන්නවා නම් විවාහයෙන් වෙන් නොවෙන්න ඒක හේතුවක් වෙනවද යනුවෙන් ඇසූ පැනයට ඇය දුන්නෙ මෙවන් පිළිතුරක්.

” ඇත්තම කතාව මට දරුවෙක් නැති නිසා, මම ඒ හැඟීම තාම දන් නෑ. ඒක හරිම ලස්සන හැඟීමක්. මම ජීවිතේ ලබන්න ම කැමතිම වෙච්ච අත්දැකීම ඒක. හැබැයි ඒක නෑ මට මේ වෙද්දි. ඒ නිසා මට ඒ ගැන කියන්න බෑ. “

ඉතිං කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.