Life Story

මට ඕනෙ වුනේ දරුවා සීසර් කරන්න මොකද මට නෝර්මල් වේදනාවට මුහුණ දෙන්න බයයි

මේ දවස් වල කලා ලෝකයේ සිටින ජනප්‍රියම පවුලක් තමයි ප්‍රියසාත් පවුල කියලා කියන්නේ. ඒ අතරෙන් ප්‍රියසාද් පවුලේ දෙවැනි දුව වන ශේෂාද්‍රි ට රසික රසිකාවියන් බොහොමයක් ඉතාමත්ම ප්‍රිය කරනවා. බොහෝ දෙනා පවසන්නේ ඇය ඉතාම නිහතමානි නිරහංකාර කාන්තාවක් කියලයි. ඇයගේ සොයුරියන් දෙදෙනා වන දිනක්ෂි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් කලා ලෝකයේ සිටින ජනප්‍රියම දෙදෙනෙක් වෙනවා. ඔවුන්ගේ පවුලේ සිදුවන බොහෝ සුවිශේෂී සිදුවීම් පිළිබඳව නිරන්තරයෙන් ම ඔවුන් ඔවුන්ගේ යූටියුබ් මාධ්‍ය ගිණුම් ඔස්සේ රසිකයන් සමඟ බෙදා ගන්නවා.

ඉතින් කවුරුත් දන්නවනේ ශේෂාද්‍රි කියලා කියන්නේ මේ වන විට පුංචි දියණියකගේ ආදරණීය මවක්. පළමු විවාහයයේ දී ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා එම විවාහයෙන් වෙන් වී බොහෝ කලක් තනිකඩ ව සිටින විට තමයි ඇයට ක්‍රිශාන් ව හමු වෙන්නේ. යහළුවන්ව සිටි ඔවුන් ඉන්පසුව පෙම්වතුන් වී එකිනෙකා පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව විවාහ දිවියට එළඹෙනවා. ඉතින් මේ වෙනකොට ඉතාමත්ම සාර්ථක විනෝදකාමී පවුල් ජීවිතයක් තමයි ඔවුන් ගත කරන්නේ. ඉතින් පසුගිය දිනක දී ශේශාද්රි එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙනවා. ඉතින් එහිදී ඇය ඇගේ මව් පදවිය පිළිබඳව අදහස් දක්වල තිබුන මේ විදියට.

” මම මුල ඉඳන්ම නෝර්මල් ඩිලිවරි එකකට යන්නෑ කියන තැන හිටියා. මට ඕනෙ වුනා සීසර් කරන්න. මොකද මට ඒ වේදනාවට මුහුණ දෙන්න බයයි. මට හිතුන අන්තිම මොහොතේ මම එක්සයිට් වෙයි කියලා. ඒ වේදනාව දරාගන්න බැරි වෙයි කියලා මට හිතුනා. ඒ ගැන මම අහලා තියනවා මම කියවලා තියෙනවා. මම යූටියුබ් වල වීඩියෝ පවා බලලා තියෙනවා. ඒවත් එක්ක මම හිතුවා සීසර් කරනවා කියලා. පස්සේ මට හිතුනා Normal ගියා නම් හොඳයි කියලා.මොකද normal pain එක ඒ වෙලාවේ විතරයි. සීසර් කරහම පස්සේ අමාරුයි.”

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.