Life Story

අතුලට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා ඒ නිසා ආයෙ එකතු වුණා නම් හොඳයි කියන්නෙපා – සමිතා මුදුන්කොටුව

සමිතා මුදුන්කොටුව සහ අතුල අදිකාරි කියලා කියන්නේ ගායන ක්ෂේත්‍රය තුළ සිටින අති දැවැන්ත චරිතයන් දෙකක්. ඔවුන් ගීත ලොවට දායාද කර දුන් ගීතයන් අදටත් රසික රසිකාවියන් ඉතාමත්ම ආසාවෙන් සහ උවමනාවෙන් රස විඳින්නේ එම ගීත තුළ ඇති අර්ථවත් සහ ඉමිහිරි බව නිසාමයි. යුගයක් නැලවූ අතුල සමිතා දෙපළ ඇත්තෙන්ම හරිම ආදරණීය යුවලක්. ඔවුන් දෙදෙනා විවාහ වී ආදරණීය දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන්ගේ ලොකු දුව වන කාවින්දයා අධිකාරිත් සංගීත ක්ෂේත්‍රය තුළ නවක ගායිකාවක විදිහට ගීත නිර්මාණයන් ගායනා කරනු ලබනවා .

ඉතින් ඔබ අප කවුරුත් දන්නවා මේ වන විට ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන් වී අවසානයි. සමිතා චිරන්ත නමැති තරුණයෙක් විවාහ කර ගන්නා අතර අතුල අදිකාරි අමායා අධිකාරි සමඟ විවාහ වෙනවා. නමුත් අතුල සමිතා දෙපළ තවමත් ඉතාමත්ම සහයෝගයෙන් යුතුව කටයුතු කරන බව සමාජ මාධ්‍ය තුළින් අපට දැකබලා ගන්නට පුළුවන්.

පසුගිය දිනක දී අතුල සමිතා චිරන්ත සහ කාවින්ද්‍යා යන පවුලේ සියලුම දෙනා එකතු වී විනෝද චාරිකාවක් ද ගොස් සිටි බවත් අප දුටුවා. ඉතින් අද කතා කරන්නට යන්නේ සමිතා මුදුන්කොටුව මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ පල කළ ඡායාරූපයකට ඇය ලබාදී තිබු කමෙන්ටුවක් සම්බන්ධවයි. අතුල සමිතා දෙපළ එක්ව ගීත ගයන ඡායාරූපයක් සමඟ ඇය ඉතා ආදරණීය කමෙන්ට් එකක් එහි පළ කරලා තිබුණා. ඒ තමයි ,

” අපිට ආදරේ කරන හැමදෙනාටම අපිත් ආදරෙයි. ඔයාලා අපේ ගීත විතරක් රස විඳින්න. අපේ පුද්ගලික ජීවිතය ගැන කතා නොකර ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි අතුලටත් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා. මටත් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා. ඒ හින්දා ආපහු එකතු වුණා නම් හොඳයි කිය කිය ඉන්න එපා. අපි කොහොමත් අපේ ජීවිතයේ හැමදාම සතුටෙන් තමයි හිටියෙත් , මැරෙනකල් ඉන්නෙත්. ඒ හින්දා ඔයාලත් අපේ ගීත රසවිඳින්න රස විඳින්න කැමති නම් රස විඳින්න.

සමහර අයගෙ හිත්වල තියෙන තරහ නැති කරගෙන තමන්ගේ ජීවිත සතුටෙන් ගෙනියන්න බලන්න. අපි ආපහු එකතු වුණා නම් හොඳයි කිය කිය දුක් වෙන්න එපා. අපි කොහොමත් ඈත්වෙලා වෛර කර කර ළමයි බලන්නේ නැතුව හිත්වල තරහක් තියාගෙන හිටියේ නෑ. ඔයාලගේ සතුට පමණක් තියාගන්න. අපි දිහා බල බල තරහෙන් කමෙන්ට් කරන්නෙ නැතුව. අපි ගැන දන්නේ අපි විතරයි. බුදු සරණයි ඔයාලට. “

මේ විදිහට තමයි ඇය එහි පළ කරලා තිබුණේ. ඉතින් හැමදාම ගීත ලොව සනසන මේ ආදරණීය දෙපලගේ සියලුම වැඩකටයුතු එලෙසින්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.