Life Story

සිනමාවෙ මගේ පළමු පෙම්වතිය දිනක්ෂි. තේරුම් නොගැනීමේ ප්‍රශ්න නිසා අපේ ආදර කතාවට සමුදුන්නා – අනුජ් රණසිංහ

අනුජ් රණසිංහ කියලා කියන්නේ කලා ලොව තුල සිටින කවුරුත් ආදරය කරන ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක්. බොහෝ සිනමා නිර්මාණයන් තුළ දැකගන්නට ලැබෙන ඔහු නිරූපණ ක්ෂේත්‍රය තුළත් වැඩි වශයෙන් ම දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඔහුගේ කඩවසම් පෙනුමත් රංගන හැකියාවත් නිසාම බොහෝ තරුණියන් ඔහුට වශී වී සිටින බව නම් නොරහසක්. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා පසුගිය දිනකදී අනුජ් ඉතාම සුරූපි යුවතියක් හා යුග දිවියට පිවිසුණා. කලා ලොවේ කලාතරු පිරිවරාගෙන ඉතාම උත්සවශ්‍රියෙන් තමයි ඔහුගේ විවාහ මංගල උත්සවය පැවැත්වුනේ. ඉතින් මීට බොහෝ කලකට පෙර anuj එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුගේ ප්‍රේමය පිළිබඳව පවසා සිටියේ මෙවැන්නක්.

ඔහුගේ ප්‍රථම ප්‍රේමය පටන් අරන් තියෙන්නේ 10 -11 වසරේදී. ඉතින් ඒ දවස් වල පෙම් හසුන් ලියලා ස්කෝලේ ගුරුවරුන්ටත් අහු වෙලා තියනවලු. ඒ වගේම තමයි ඔහුගේ පෙම් කතාව ගෙවල් වලටත් ආරංචිවෙලා විවිධාකාර ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණා කියලා ඔහු එහිදී කියා සිටිනවා. අවුරුදු හතක් පුරාවට ම තිබුනු ඒ ආදර කතාවේ සුන්දර වගේම අසුන්දර තැනුත් හමුවෙලා තියෙනවා කියලා තමයි ඔහු නම් කියන්නේ. කොහොම වුණත් අවුරුදු හතක් පුරාවට ම පැවති ආදර කතාව ඔහු කලා ලොවට අවතීර්ණ වීමත් සමග නැතිවෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔහු කිව්වේ මේ වගේ දෙයක්.

” ඒ ආදර කතාව නැවතුනේ මං නළුවෙක් වුන නිසාම නෙමෙයි.  නමුත් මම කලාවට ආවට පස්‌සේ විවිධ තේරුම් නොගැනීම් එක්‌ක අපි අතර ප්‍රශ්න ඇතිවුණා. අන්තිමට ඒ ආදර කතාවට සමුදෙන්න අපි තීරණය කළා. මට සිනමාවේ පළමු පෙම්වතිය විදිහට හමුවෙන්නෙ දිනක්‌ෂි. හැබැයි ඊට කලින් ටෙලි නාට්‍යයක මම උදාරි වර්ණකුලසූරිය එක්‌ක පෙම් චරිතයක්‌ රඟපාලා තියෙනවා. මේ දෙකෙන් වැඩිම ප්‍රේම ජවනිකා තිබුණෙ චන්ද්‍රම් රත්නම් මහත්මයගේ මේ වගේ ආදරයක්‌ චිත්‍රපටයේ දිනක්‌ෂි එක්‌ක රඟපාපු චරිතයෙයි. මම චිත්‍රපට හතරක රඟපාලා තියෙනවා එයින් චිත්‍රපට තුනකම මම පෙම්වතා වුණා “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඔහු මේ වන විට ආදරණීය සැමියෙක් විදියට කාලය ගත කරනවා. ඉතින් ඔහුගේ සියලුම සිතුම් පැතුම් එලෙසින්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා