Life Story

තරුණයන්ගේ සිහින කුමරිය අනර්කලීගේ කවුරුත් නොදුටු සිඟිති දියණියගේ අලුත්ම තතු

අනර්කලී ආකර්ෂා කියල කියන්නේ ඇත්තටම ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රය තුළ සිටි ජනප්‍රියතම රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි 2004 වර්ෂයේදී ලෝක රූ රැජින කිරුළ සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකීය රූ රැජිණ වන්නේත් ඇයයි. නිරූපණ ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරි නිරූපිකාවක් විදිහටත් රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් විදිහටත් දේශපාලනික කටයුතු කරන්නියක් විදිහටත් සන්නාම තානාපතිවරියක් විදිහටත් වැඩ කටයුතු කල ඇය මේ වන විට නම් ලංකාවේ අපිට දකින්නට ලැබෙන්නේ නැහැ.

1995 වසරේ දී සෝමරත්න දිසානායක මහතාගේ සහ රේණුකා බාලසූරිය මහත්මිය ගේ ඉටි පහන් ටෙලි නාට්‍යය තුළ සුසෑන්ගේ චරිතය හරහා රංගන කරළියට පැමිණි ඇය ඉන්පසු රඟපෑම් කටයුතුවල නිරත වූයේ වසර 7 කට පසුවයි. ඒ පිස්සු ට්‍රිබල් සිනමාපටයටයි. ඒ වගේම තමයි අනර්කලී ආකර්ෂා කියලා කියන්නේ ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රය තුළ තුල ජනප්‍රියම නිළිය කිරුළ හිමිකරගත් ළාබාලතම රංගන ශිල්පිනියයි. රංගන ක්ෂේත්‍රයට අමතරව ඇය music videos සඳහාත් photoshoot සදහා ත් සිය දායකත්වය ලබා දීලා තියෙනවා.

ඒ වගේම තමයි දෙරණ නාලිකාවේ විකාශය වු anarkali live වැඩසටහන මෙහෙයවනු ලැබුවෙත් ඇය විසින්. ඒ වගේම ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වු live Sunday with anarkali වැඩසටහන නිවේදිකාවක් විදිහටත් කටයුතු කලේ අනර්කලී ආකර්ෂා. ඉතින් මෙලෙස රූපවාහිනී වැඩසටහන් තුළ පමණක් නොව චිත්‍රපට ගණනාවකටත් සිය රංගන දායකත්වය ලබා දුන් ඇය ඇය 2016 වර්ෂයේ දී කෝටිපති ව්‍යාපාරිකයෙක් සමග විවාහ දිවියට එළඹෙනවා. නමුත් ඔවුන් අතර තිබූ යම් යම් මතභේදාත්මක ගැටලු නිසා 2018 වර්ෂයේ දී එම විවාහයෙන් වෙන් වීමට ඔවුන් තීරණය කරනවා.

ඉන්පසුව නැවතත් ඇය විවාහ දිවියට එළඹෙන අතර ඇය විවාහ වන්නේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු ගේ පුතෙක් සමගයි. මේ වන විට කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉතාමත් ම සුන්දර ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන ඇය සුරතල් දියණියකගේ මවක් ද වනවා. ඉතින් පසුගිය දිනක දී ඇය ඇගේ ආදරණීය දියණියගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට මුදා හරින්න ටත් අමතක කළේ නැහැ. ඉතින් හැමදාමත් මේ වගේ සතුටින් ඔවුන්ට සිටීමට හැකි වේවා කියලා රසිකයන් විදිහට අපි ප්‍රාර්ථනා කරනවා.