Life Story

කාලෙකට පස්සෙ මම ශෝ එකක් ගහද්දි එයා අඬ අඬ කතා කළා. නොගැළපීමක් තියෙන තැන හොඳම දේ ඉවත් වීම – අජිත්

අජිත් මුතුකුමාරණ කියන කොටම අපට මතක් වෙන කිහිපයක් බොහොමයක් තියෙනවා. ඒ අතර සුදු අරලියා මල , මා පැලදුව ඔය මංගල මුදුව , පත්තර පිටුවක ඔතලා තිබුනා ආදී ගීතයන් රැසක් කලා ලොවට දායාද කරදුන් ඔහු ඇත්තෙන්ම ඉතාමත් ජනප්‍රිය ගායන ශිල්පියෙක් වනවා. සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ඔහු මේ දිනවල දී තම සංගීත කණ්ඩායමට නවක ශිල්පීන් බඳවාගන්න බවට තමයි අපට ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන්නේ. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා අජිත් මුතුකුමාරණගේ පුද්ගලික ජීවිතේ යම් යම් හැලහැප්පීම් වලට මුහුණ දීමට පසුගිය කාල වකවානුව තුළදී ඔහුට සිදුවුණා.

පළමු බිරිඳ අතහැර k සුජිවා සමග අලුත් පවුල් ජීවිතයක් ගත කළ ඔහු, ඔවුන් අතර ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයක් නිසා ඇගෙන් ඉවත් වී නැවතත් පළමු බිරිඳ සමඟ මේ දිනවල දී සතුටින් කාලය ගත කරනවා. ඉතින් ඔහු පසුගිය දිනකදී එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පිළිබඳව නොදත් බොහෝ දෑ රසිකයන් සමඟ කියා සිටියේ මේ විදියට.

” මම වැඩියෙන්ම ආදරේ කළේ මගේ අම්මට. මුල්ම ගිටාර් එක රුපියල් 1200 යි. අම්මා හොරාට දෙනවා සල්ලි. එතකොට මේ කාලේ වගේ නම් ඒ මුදල 30 000 විතර වෙනවා. ඒ සල්ලි අරන් ගිය කෙනා අතුරුදහන් වුණා. ගිටාර් එකත් නෑ, සල්ලිත් නෑ. අම්මා ඒකට අවුල් වුණා. එයා එයි කියලා අම්මා අවුරුද්දක් විතර බැලුවා. අවුරුදු ගාණකට පස්සෙ මම ශෝ එකක් ගහනකොට එයා අඬ අඬ කතා කළා. මම කොළඹ ඉද්දි ලොකු අමාරුවක වැටුණා කියලා. මම කිසි කෙනෙක් තරහා නෑ. ජීවිතේ කොච්චර දේවල් වුණාද. පස්සෙ මම ගිටාර් එකක් හොයාගත්තා.

අවුරුදු පහක් පුරාවට මම ස්ටේජ් නැග්ගා. මම එදා ඉඳන් බෑන්ඩ් ගහන්න ආසයි. යම් යම් කාලවල්වලදි යම් යම් ගට්ටන සිදුවුණා. එතකොට හොඳම දේ නිහඬ වීම. නොගැළපීමක් තියෙන තැන හොඳම දේ ඉවත් වීම. අඩියක් පස්ස‍ෙ ගත්ත තැන සමහර වෙලාවට වාසියක් වෙනවා. මම දැන් අමාරු තැනක නෙවේ ඉන්නේ. “

ඉතින් මේ විදියට අදහස් දක්වන මේ ආදරණීය ගායන ශිල්පියාගේ සියලුම ඉදිරි අනාගත වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.