Life Story

ළමයි තුන්දෙනෙක් ඉන්න රටම ආදරේ කරන සුන්දර නිලි අශිකා මතසිංහ ආයෙත් සුරූපී මනාලියක් වෙයි

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුන්දර නිහතමානී රංගන ශිල්පිනියක් තමයි අශිකා මතසිංහ කියලා කියන්නේ. ඉතින් වෙළඳ දැන්වීම් නිසා අපේ රටේ අතිශය ජනාදරයට පත්වුන නිලියක් වුනත් රංගනය තුලදී ඇය කෙටි කාලයකදී විවිධ චරිත නිරූපණය කරන්නට සමත් වුණා. ඉතින් කොයි කාටත් ආදර්ශයක් ලබා දෙමින් ජීවත් වෙන අශිකා මතසිංහ මේ වනවිට විවාහ වෙලා වසර දොළහක් සම්පුර්ණ වෙනවා. ඒ වගේම තමයි ඇය මේ වනවිට සෙනෙහබර දරුවත් තුන් දෙනෙකුගේ ආදරණීය මවක්ද වනවා.

ඉතින් ඒ වගේම ඇයගේ සැමියා ගුවන් හමුදාවේ සේවය කරනවා කියන එකත් මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්නවා. දරුවන් ලැබුණ පසු ගැහැණියගේ රූපය වියැකෙනවා කියලා කිව්වාට ආශිකා තවමත් හරිම සුන්දර තරුණියක්. ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවම ඇයනම් කියන්නේ ලස්සන වෙන්න නම් කරුණාව දයාව සහිත හදවතක් තියෙන්න ඕනේලු. හදවත පිරිසිදු වුණාම මුහුණත් ලස්සන වෙනවාලු.

ඉතින් ඒ විතරක් නෙමෙයි අශිකා ලස්සන වෙන්න බලපාපු තව කාරණාවක් තියෙනවා. මතකද ඉස්සර අපිට අපේ වැඩිහිටියන් කියපු කතාවක්, ලස්සන මල් ගොඩාක් බුදු හාමුදුරුවන්ට පූජා කළාම ලස්සන වෙනවා වගේම ලස්සනවෙලා ඉපදෙනවා කියලා. දහම්පාසැල් යන දරුවන්ව උනන්දු කරන්න වැඩිහිටියන් එහෙම කියනවා. ඉතින් අශිකා පුංචි කාලේ ලස්සන මල්වට්ටියක් හදලා බුදුහාමුදුරුවන්ට පූජා කරලා ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කළාලු.

ඇත්තටම තාමත් අශිකා ඉස්සර වගේම ලස්සනයිනේ. ඇයගේ ස්වාමිපුරුෂයත් ඇයව ඕනම තැනකට යද්දී ලස්සනට හැඩට එක්කරගෙන යන්න කැමතියිලු. එහෙම ගියාම ස්වාමිපුරුෂයා ගේ යාළුවන්, ඥාතීන් අශිකාගේ ලස්සන ගැන වර්ණනා කරනවා අහන්නත් ඔහු කැමතියිලු. අශිකාගේ පුංචිම පුතා අශිකාගේ බෙල්ල බදාගෙන මගේ අම්මා අද හරී ලස්සනයි කියනකොට අශිකාට දැනෙන සතුට කියලා නිමකරන්න බැහැලු. ලස්සන කියන්නේ පූරුවේ පිනට හිමිවෙන දෙයක්. ඒ නිසා මේ ජීවිතයේ කරුණික හදවතක් එක්ක කාටවත් වරදක් නැතිව ජීවත් වෙන්න කියලා තමයි අශිකා කියන්නේ.

ඉතින් මේ කවුරුත් ආදරය කරන නිහතමානී රංගන ශිල්පිනිය පහුගිය දවසක අපූරු සුන්දර මනාලියක්ව සැරසිලා ලස්සන ෆොටෝශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාවේ ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න ඡායාරූප කරන ආයතනයක් වන Events Studios Photography ආයතනය විසිනුයි. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ අපූරු ෆොටෝශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.