Life Story

ළඟදීම විවාහ වෙන්න ඉන්න ජනප්‍රිය නළු ඉසුරු සුරූපී පෙම්වතිය තරින්දි සමගින් කරපු අමුතුම ෆොටෝශූට් එක

අපේ රටේ කවුරුත් ආදරය කරන ආදරණීය කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම බොහෝ දෙනෙක් ආදරය කරන ඉසුරු රංගන ශිල්පියෙක් විතරක්ම නෙමෙයි. දක්ෂ හඬ කැවීම් ශිල්පියෙක් බවත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. පසුගිය කාලයේ දෙරණ රුපවාහිනී නාලිකාවේ විකාශනය වුනු බෝයිස් ඕවර් ෆ්ලවර්ස් කියන කොරියානු ටෙලි සිත්තමේ ප්‍රධාන පිරිමි චරිතය වන ගුජුන්පියෝට හඬ කැව්වේත් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියලා බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති. ඒ විතරකුත් නෙමෙයි පහුගිය කාලයේ සිරස නාලිකාවේ විකාශනය වුනු අනන්තයෙන් ආ තරු කුමරා ටෙලිනාට්‍යයේ ප්‍රදාන චරිතයකට හඬ කවන්නේත් මේ අපූරු කළා ශිල්පියා තමයි.

ඉතින් ඒ වගේම ඔහුගේ ආදරණීය පෙම්වතිය තරින්දි ප‍්‍රනාන්දු ගැනත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඇයත් අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් පාන අතිශය කාර්ය බහුල රංගන ශිල්පිනියක්. ඉතින් ඒ වගේම ආදරය සුන්දරයි කියලා තමයි තරින්දි කියන්නේ. ඉතින් තරිඳි ඇයගේ පෙම්වතා වන ඉසුරු ගැන කියන්නේ මෙන්න මේ විදිහටයි. මගේ ලෝකයේ ආදරවන්තයා. ඔහු මට වෙලාවකට තාත්තා කෙනෙක්. ඒ වගේම මගේ සහෝදරයා ඔහු. මගේ හොඳම යාළුවාත් ඔහු. ඒ හැම භුමිකාවක්ම ඔහු තුළින් මම ලස්සනට අත්විඳිනවා.

ඉතින් ඒ වගේම මට විවිධ වූ චරිත නිරූපණය කරන්න උපරිම නිදහස ලැබෙන්නෙත්, මට විවිධ චරිත තුළින් මගේ රංගන ජීවිතේ සාර්ථක කරගන්න අවස්ථාව ලැබෙන්නෙත් ඔහු වගේ කෙනෙක් මගේ පෙම්වතා වූ නිසා. මේ මොහොත වෙනකම් මට ඒ ලබා දෙන සහයෝගය නිසා ඔහුව මගේ ජීවිතේ තියන්න පුළුවන් ඉහළම තැන මම තියනවා. අපි දෙන්නා අතර තියෙන ඒ අන්‍යෝන්‍ය අවබෝධය නිසා තමා අපි දෙන්නටම එකම ගමනක් යන්න පුළුවන් වෙලා තියෙන්නේ කියන එක මම දැඩිව විශ්වාස කරනවා කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඒ වගේම මේ ආදරණිය යුවලට එක වහලක් යටට එන්න බැරි වෙලා තියෙන්නේ මේ කොවිඩ් නිසා කියලයි තරින්දිනම් කියන්නේ. කොහොම නමුත් මේ ආදරණීය යුවල පහුගිය දවසක වෙනස්ම විදිහක අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ අවස්ථාවේදී මේ දෙන්නව මේ තරම් අපූරුවට කාමර කාචයට හසුකරගෙන තිබුනේ චින්තන එම්.හේරත් ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ ආදරණීය යුවලගේ අලුත්ම ෆොටෝ ශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.