Life Story

හදිසියේ රෝගාතුර වූ ප්‍රවීණ නළු ගිරිරාජ් කෞෂල්‍යගේ ආදරණීය දියණිය අතිශය සංවේදී වෙමින් කියූ කතාව

ගිරිරාජ් කෞෂල්‍ය කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන කාගේත් කතා බහට ලක්වෙන දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඉතින් ඒ වගේම නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ ඔහු රංගනයෙන් දායක වන කුකුළා මුදලාලිගේ චරිතය නිසා මේ වනවිට වෙනදාටත් වඩා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් ඔහු වටා එක් රොක් වී සිටිනවා. කොහොම නමුත් පහුගිය දවස් වල එතුමන් ගැන අපේ රටේ වැඩිපුර කතා බහට ලක්වුණේ හදිස්සියේ එතුමන් රෝගාතුර වූ නිසයි. ඒ වගේම තමයි එතුමන්ගේ උපන්දිනයත් පහුගිය දවසක යෙදිලා තිබුණා.

ඉතින් මේ හාස්‍ය රංගන ශිල්පියෙකු විදිහට කාගේත් ආදරය දිනා ගත්ත ගිරිරාජ් කෞෂල්‍ය වේදිකාව, පුංචි තිරය, සිනමාව කියන මේ හැම අංශයකින්ම එතුමන්ගේ දක්ෂ කම් රටටම පෙන්වූ අති විශිෂ්ට රංගන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම තමයි ඔහු චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් මේ වනවිට අසනීප තත්වයෙන් පසුවන එතුමන්ගේ ආදරණීය දියණිය අමන්ද්‍යා උත්පලී තාත්තගේ උපන්දිනය වෙනුවෙන් ඉතාමත්ම සංවේදී සටහනක් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා වලට එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

පියාණෙනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා. සුබම සුබ උපන් දිනයක් තාත්තේ කියලයි අමන්ද්‍යා ඒ විදිහට සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ වනවිටත් රෝගාතුර වෙලා ඉන්න ප්‍රවීණ නළු ගිරිරාජ් කෞෂල්‍ය මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන් සුබම සුබ උපන්දිනයක් කියලත් සුබ පැතුම් එකතු කරමු.