Life Story

සාරංග හා දිනක්ෂිගේ චුටි දෝනීට හා හා පුරා කියලා බෙහෙත් විදින්න එක්කරගෙන ගියපු හැටි මෙන්න

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන ඉතාම ජනප්‍රිය අපේ රටේ කවුරුත් ආදරය කරන ආදරණීය කළා යුවලක් තමයි සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය කළා ශිල්පීන් යුවලක් විදිහටත් මේ දෙන්නව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ ආදරණීය යුවල මේ වනවිට ආදරණිය පුංචි දෝනි කෙනෙකුගේ මව් පියන් කියන්නත් අපේ රටේ කාටත් රහසක් නම් නෙමෙයි. කොහොම නමුත් අලුත උපන් පුංචි සිඟිති දියණියත් එක්ක මේ දවස් වල මේ ආදරණීය යුවල ඉතාමත් සුන්දර ජීවිතයක් ආදරෙන් සතුටෙන් ගතකරන බවක් තමයි අපිටනම් දකින්න ලැබෙන්නේ.

ඉතින් ඒ වගේම මේ දෙන්න අතරට එකතුවුණු පුංචි දෝනිට මේ වනවිට මාස දෙකක් සම්පුර්ණ වෙලා හමාරයි. ඉතින් මේ පුංචි දෝනි එයාගේ තාත්තා සාරංගත් එක්ක පහුගිය දවසක බෙහෙත් විදින්න ගිහින් තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ අවස්ථාව ඔවුන් කැමරා කාචයටත් හසුකරගන්න ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ විදිහට පුංචි දෝනිට බෙහෙත් විදින්න නයින්වේල්ස් කියන පවුද්ගලික රෝහලට තමයි ඔවුන් අරගෙන ගිහින් තිබුනේ.

ඉතින් ඒ ගැන සඳහන් කරමින් සාරංග ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට සටහනක්ද එකතු කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී සාරංග මෙන්න මේ විදිහටයි පවසලා තිබුනේ. පුංචි බෝනික්කිව බෙහෙත් විදින්න එක්කන් ගියා කියලයි සාරංග ඒ විදිහට සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ කිරි සිනහවෙන් හැඩ වුනු ආදරණීය පුංචි කැදැල්ලට අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.