Life Story

සාරංග සහ දිනක්ෂිගේ අලුත් උපන් දෝණිව බලන්න එන අමුත්තන්ට දැමූ කාටත් ආදර්ශවත් නීති ටික

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන ඉතාම ජනප්‍රිය කවුරුත් ආදරය කරන ආදරණීය කළා යුවලක් තමයි සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය පුංචි කැදැල්ලට පහුගිය කාලයේ කිරිසිනහවත් අරගෙන පුංචිම පුංචි දියණියක් එකතු වුණා කියන්න මේ වනවිට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් අලුත උපන් පුංචි සිඟිති දියණියත් එක්ක මේ දවස් වල මේ ආදරණීය යුවල ඉතාමත් සුන්දර ජීවිතයක් ආදරෙන් සතුටෙන් ගතකරන බවක් තමයි අපිටනම් දකින්න ලැබෙන්නේ. ඉතින් සාරංග සහ දිනක්ෂිනම් කියන්නේ මේක මේ දෙන්නටම අලුත්ම අත්දැකීමක් කියලයි. ඉතින් තාම මේ අලුත් අත්දැකීමට හුරුවෙමින් ඉන්න නිසා තවත් කෙනෙක් ආදරෙන් බලාගන්න තියනවා කියලා දැනෙද්දී වගේම එයාගේ වගකීම් බාර ගන්න ඕනේ කියලා හිතෙද්දි ජීවිතය පිළිබඳව අමුතු හැඟීමක් දැනෙනවා කියලයි සාරංග පවසන්නේ.

කොහොම නමුත් මේ වනවිට අපේ රටේ පවතින කොරෝනා වසංගත තත්වයත් එක්ක බොහෝ දෙනෙකුගේ ජීවිත අවදානම් තත්වයකයි තියෙන්නේ. ඉතින් මේ කාල සීමාව තුලදී තමන්ගේ ආදරණීය දියණියගේ සෞඛ්‍ය තත්වය ගැන ගොඩක්ම හිතන සාරංග සහ දිනක්ෂි යුවල මේ පුංචි දෝනි බලන්න එන අමුත්තන්ට නීති වගයක් ගැන පවසලා තියනවා. ඉතින් මෙලෙස නීති අටක් දිනක්ෂි තම සමාජ මාධ්‍ය ගිණුම් වල මෙන්න මේ විදිහට පලකරලා තිබුණා. මගේ බබාව කිසිවිටෙකත් සිප ගැනීම තහනම්. එන්න කලින් අනිවාර්යයෙන්ම අහල එන්න ඕනේ. මම තාමත් මේ දේවල් ඉගෙන ගන්නවා, ඒ නිසා ඒ පිළිබඳව කරුණාවන්ත වෙන්න. බබාව වඩා ගන්න කලින් ඔබේ දෑත් දෙක හොඳට පිරිසිදු කර ගන්න. කිසිවිටෙකත් ඔබේ ඇඟිලි බබාගේ කටේ තියන්න එපා. ඔබේ සමීපතයෙක් හෝ අසනීපයෙන් සිටීනම් ගමන කල් දාගන්න. සැර සුවඳ විලවුන් ගල්වාගෙන එන්න එපා. දරුවාව බලලා ආවට පස්සේ එම පින්තූර සමාජ මාධ්‍ය වෙත යොමු කරන්න කලින් මගෙන් අහන්න. ඉතින් ඒ වගේම ගොඩක් වෙලා රැඳී සිටින්න එපා කියලයි ඔවුන් මේ විදිහට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරලා තිබුනේ.

ඉතින් මේ විදිහට තමන්ගේ ආදරණීය දියණියව බලන්න එන සමීපතමයින්ගෙන් ඉල්ලපු ඉල්ලීම් තමයි ඒ විදිහට කාරුණිකව සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ රටේ පවතින කොරෝනා තත්වයත් එක්ක චූටි දෝනි ගැන ගොඩක්ම හිතන නිසයි ඔවුන් ඒ විදිහට සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ පුංචි දෝනි ඇතුළු මේ පුංචි කැදැල්ලේ හැමෝටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන්ට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.