Life Story

සාරංගගේ සහ දිනක්ෂිගේ අලුත උපන් චූටි දූ පැටියා හා හා පුරා කියලා පන්සල් ගියේ මෙහෙමයි

දිනක්ෂි ප්‍රියසාද් වගේම සාරංග දිසාසේකර කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කවුරුත් ආදරය කරන ආදරණීය ආදර්ශවත් කළා යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ දවස් වල සමාජ මාධ්‍ය තුල මෙන්ම බොහෝ දෙනෙක් අතරේ මේ දෙන්නා ගැන නිතරම කතා බහට ලක්වෙනවා අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ වගේම කලාවට සම්බන්ධ පවුල්වලින් පැවත එන ආදරණීය යුවලක් විදිහටත් මේ කළා යුවල හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම රංගනයට අමතරව නිවේදනය, ගායනය, නර්තනය, නිරූපනය වැනි විවිධ ක්ෂේත්‍රයන් රැසකින්ම මේ ආදරණීය යුවල එක හා සමානව දස්කම් දක්වනවා. කොහොම නමුත් පහුගිය කාලය පුරාවටම මේ යුවල ගැන අපිට නිතරම අහන්නට දකින්න ලැබුණා. ඉතින් ඒ වගේම තමයි මේ දෙන්නා පහුගිය කාලේ හා හා පුරා කියලා උතුම් මව් පිය පදවියත් ලැබුවා කියන්නත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් මේ වනවිට පුංචි දූ සිගිත්තියකගේ කිරි සිනහවෙන් හැඩවුණු මේ ආදරණීය කැදැල්ල සතුටෙන් පිරිලා ඉතිරෙන බවක් තමයි අපටනම් අහන්නට දකින්නට ලැබෙන්නේ.

ඉතින් ඒ වගේම පහුගිය දවසක දිනක්ෂි සහ සාරංග යුවල තම ආදරණීය මෑණියන් වන තිලකා රණසිංහ ද සමඟ අලුත උපන් සිගිති දියණියව හා හා පුර කියලා පළමු වතාවට පන්සල් එක්කන් ගිහින් තිබුණා. ඒ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට. ඉතින් මේ සිගිති දියණිය පළමු වතාවට පන්සල් ගියපු අවස්ථාවේ ලබාගත්ත ඡායාරූප සරංගගේ ආදරණීය මව වන තිලකා රණසිංහ ඇයගේ සමාජ ජාලා මාධ්‍ය ගිණුම් වල පලකරලා තිබුනේ චූටි මැණික පන්සල් ගිහින් කියලා සටහනක්ද එක් කරමින්. ඉතින් මේ චූටි දියණියට තෙරුවන් සරණ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම නිදුක් නිරෝගීව ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.