Life Story

වාදන හැකියාවෙන් ආදරණීය බිරිඳගේ සිත සොරාගත් ජනප්‍රිය වයලින් වාදක දිනේෂ් සුබසිංහගේ ආදර කතාව

දිනේෂ් සුබසිංහ කියලා කියන්නේ නව පරපුර නියෝජනය කරන අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සංගීතඥයෙක් කිවුවොත් හරියටම හරි. ඒ වගේම ඔහු අති දක්ෂ වයලින් වාදකයෙක් කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම හෝ ගානා පොකුණ චිත්‍රපටයේ සහ සිරි සිරිමල් වැනි ටෙලිනාට්‍ය තුලින්ද ඔහුගේ හැකියාවන් ජනතාව අතරට සමීප වුණා. ඉතින් ඊට පස්සේ ඔහුගේ හැකියාවන් අපේ රටේ බොහෝ දෙනෙකුගේ ඇගයීමටද ලක්වුණා. රූපවාහිනී බයිලා සාදය ඇතුළු වැඩසටහන් ගණනාවකදීත් ඔහුගේ හපන්කම් ඔබ අනිවාර්යයෙන්ම දැකලා ඇති.

ඒ වගේම ඔහුට වාදනය කල නොහැකි වාදන භාණ්ඩයක් ද නොමැති තරම්. ඉතින් ඒ වගේම ඔහු වැඩිය කැපී පෙනෙන චරිතයක් නොවුනත් නිහඩ ජීවිතයක් ගත කරන දිනේෂ් සුබසිංහ පහුගිය දා විවාහ දිවියට එලඹිනු පුවතත් දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් මේ සුන්දර අවස්ථාවේ ඔහුගේ අතගත් ආදරණීය බිරිඳ වන්නේ දුලානියි. කොහොම නමුත් දුලානි මුලින්ම දිනේෂ්ව දැකලා තියෙන්නේ මේරියන්ස් කණ්ඩායමේ සංගීත ප්‍රසංගයක් අතරතුරදියි.

ඇය එදා මේරියන්ස්ලාගේ මේ ප්‍රසංගය බලන්න ගිහින් තිබුනේ ඇයගේ ප්‍රියතම ගායකයා වූ නලීන් පෙරේරා නිසයි. කොහොම නමුත් දුලානි ඇයගේ ජංගම දුරකථනයෙන් නලීන්ගේ ගැයුම පටිගත කරන්නට කටයුතු කරලා. ඉතින් ඊට පස්සේ ගීතයේ කෝරස් ගායනයෙන් අනතුරුව වයලීනයක් රැගෙන වේදිකාවට පැමිණියේ දිනේෂ් සුබසිංහයි. ඉතින් ඊට පස්සේ නලින්ව රූගත කරමින් සිටි දුලානිගෙ ෆෝන් එක හැරවිලා තිබුනේ දිනේෂ්ගේ පැත්තටයි. එතැන් පටන් නලින් සින්දු කියන්නට වරින් වර පැමිණියත් ඔහුගේ දෙස හැරීවත් නොබැලූ දුලානි දිගින් දිගටම බලා සිටියේ දිනේෂ්ගේ වාදනය දිහායි. මෙලෙස වයලීනය වයන්නේ තමන්ගේ අනාගත සහකරුවා බව ඇය හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. හැබැයි එදා ගෙදර ගියායින් පස්සෙ දිනේෂ් සුබසිංහට පණිවිඩයක් යවන්නට තීරණය කරලා තිබුනේ නිකමට වගේ. එතැන් පටන් මේ ආදර කතාවේ ඉතිරිය දිනේෂ් සුබසිංහ අපට කිවුවේ මෙන්න මේ විදිහටයි.

මේරියන්ස් නලීන් පෙරේරායි මමයි බොහොම හිතවත්. ඒ නිසා ඔහු නිතරම ඔවුන්ගේ ප්‍රසංගවලට මාව සම්බන්ධ කර ගත්තා. මේරියන්ස්ලා උපහාර ප්‍රසංගයක් පටන් ගත්තා සී.ටී. ප්‍රනාන්දු සහ වොලී බැස්ටියන්ගේ. ඒ ප්‍රසංගයටත් මට ඇරයුම් ලැබුණා. BMICH එකේදි එහි පළමු ප්‍රසංගය පවත්වද්දී නලීන් මට නිකමට කිව්වා මේ කොන්සට් සීරීස් එක ඉවර වෙද්දි මම කොහොම හරි උඹව බන්දලා තමයි පස්ස බලන්නේ කියලා. ඊට පස්සේ ඔහු නිකම් හිටියේ නෑ. ප්‍රසංගය මැදදි මාව පෙන්නලා නිතරම ඕඩියන්ස් එකට කිව්වා මෙන්න මෙයා තනිකඩයි කියලා. ප්‍රසංගයේ නිවේදකයා කැළුම් ශ්‍රීමාල්. ඔහුත් ඉතින් නලියට දෙවැනි නැහැ. නලීන්ගේ මේ වචනවලට සෑහෙන්න පෝර දැම්මා. ඔය ආවේ මරියා ප්‍රසංගය තියෙද්දිත් ඔය වචන ටික ඔහොම්මම ඕඩියන්ස් එකට කිව්වා. ඒවා අහලා සමහරවිට දුලානිට හිතෙන්නට ඇති මට කතා කරන්න.

දුලානි එදා ඇවිත් තිබුණේ නලින් පෙරේරාට ඇති කැමැත්ත නිසා නලීන්ගේ හොඳ ෆෑන් කෙනෙක් ඇය. එදා දුලානි මාව ඇගේ ජංගම දුරකථනයෙන් පටිගත කරලා. මගේ වාදනය අගයලා තමයි ඇය මූණු පොත හරහා මට මුලින්ම පණිවුඩයක් එව්වේ. එතැන් පටන් අපි දෙන්නාගේ චැට් එක දිගටම ගියා. එහිදී එක්තරා තැනකදී අපි පෙම්වතුන් බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි අපි විවාහ වෙන්න තීරණය කරන්නේ. දුලානි වැඩ කරන්නෙ ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ. ඇය එහි ජ්‍යෙෂ්ඨ තනතුරක් දරනවා. මේ කසාදයේ නිල නොලත් කපුවෝ දෙන්න තමයි මේරියන්ස් නලීන් සහ කැළුම් ශ්‍රීමාල්.

හැබැයි කාලයක් යනකල් නලීන්වත් දන්නෑ මම මෙහෙම කෙල්ලෙක් සෙට් කරගෙන කියලා. ඔහු මේ සම්බන්ධය දැනගත්තට පස්සේ අපිට ආශිර්වාද කළා. ඒ වගේම එදා ප්‍රසංග මාලාව පටන් ගන්න කලින් දුන්නු පොරොන්දුව ඉෂ්ට වුණා නේද කියලත් ඔහු කිව්වා. ඇත්තටම දුලානි කියලා කියන්නේ පොළොවෙ පය ගහලා ජීවත් වන චරිතයක්. ඇගේ ගති ගුණ හරිම අව්‍යාජයි. ඒ වගේම දැන් සහ අපි බඳීන්න පෙර සිටම ඇය කවදාවත් මම ගන්නා මගේ වෘත්තීයමය තීරණවලට බලපෑම් එල්ල කළේ නැහැ. ඇය දන්නවා මම ගන්නේ නිවැරැදිම තීරණය කියලා. සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට ඒ මානසික නිදහස සෑහෙන වැදගත්. අපේ සම්බන්ධය ගැන නලීන්ට කිව්වට පස්සේ ඔහු දැක්කා දුලානි සහ මම එකිනෙකාගේ විවිධත්වයට ගරු කරනවා කියන කාරණය. ඒ පිළිබඳ කීමෙන් තමයි ඔහු අපිට ආශිර්වාද කළේ කියලයි මේ දක්ෂ ජනප්‍රිය සංගීතඥයා අවසාන වශයෙන් පැවසුවේ.