Life Story

ශ්‍රී ලංකාවේ පලමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ සති දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ ඔහු මියගොස් ඇති බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒ වගේම ඔහුගේ පාදයේ ඇතිවු තුවාලයක් හේතුවෙන් පසුගිය සතියේ ශල්‍යකර්මයක් ද සිදුකර තිබෙනවා. කොහොම නමුත් මියයන විට 68 වන වියේ පසුවූ බන්දුල වර්ණකුල මහතා අපේ රට වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණ ලැබූ සහ පළමු පන්දුව යැවූ ක්‍රීඩකයාද වීම විශේෂත්වයක්. තවද ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. බන්දුල 1971 දී කොළඹ නාලන්දා විද්‍යාලයේ පළමු XI ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දැරීමට සමත් වුණා. වර්ණපුර අයිසීසී තරඟ තීරකවරයෙකු ලෙස සහ විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇති අතර සහතික ලත් ක්‍රිකට් පුහුණුකරුවෙකු ද වේ.

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් උදා කර දුන් 1982 වසරේ පෙබරවාරි 17 වැනිදා සිට 21 වැනිදා දක්වා එංගලන්තයට එරෙහිව පී. සරා ඕවල් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගයට නායකත්වය ලබා දුන්නේද ඔහුයි. කොහම නමුත් 1975 වසරේ සිට 1982 වසර දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුනු ඔහු අර්බුදකාරී දකුණු අප්‍රිකානූ තරඟ සංචාරයෙන් පසු තරඟ තහනමකට ලක්වෙලා තිබෙනවා. ඉතින් ඉන් පසුව බන්දුල වර්ණකුල මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසද, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිපාලන නිලධාරීයෙකු ලෙසද, ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෙකු ලෙසද කටයුතු කරලා තිබෙනවා. කොහොම නමුත් අද දින මෙලොවින් සමුගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර මහතාට අපිත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.