Life Story

විවාහක ලෝක රූ රැජිනව සිටි කැරෝලයින් ජූරි පිලිකාවෙන් පීඩා විදින කාන්තාවන් වෙනුවෙන් කරපු උතුම් ක්‍රියාව

පහුගිය කාලයේ අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණු කෙනෙක් තමයි විවාහක ලෝක විවාහක රූ රැජින වූ කැරෝලයින් ජූරි කියලා කියන්නේ. 2019 දෙසැම්බර් 07වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ලෝක විවාහක රූ රැජින 2020 තරඟාවලියේ කිරුළේ හිමිකාරිනිය වූයේ ඇයයි. රෝසි සේනානායක මහත්මියගේ ලෝක විවාහක රූ රැජින තරඟය ජයග්‍රහණය කර වසර 35කට පසුව ලංකාවට කිරුලක අභිමානය දිනා ඇය දෙවසරකට ආසන්න කාලයක් මෙම කිරුල දැරුවා.

ඉතින් ඒ වගේම කිරුල පැළඳ සිටි කාලයේ පමණක් නොව ඉන් පසුවද ඇය විශාල වශයෙන් සමාජ සේවා වැඩ කටයුතු සිදුකරමින් සිටිනවා. ඒ වගේම ඇයගේ සමාජීය කටයුතු අතරේ සුවහසක් පිළිකා රෝගීන් වෙනුවෙන් ජටාව විලාසිතාවක් බවට පත්කිරීමට පෙරමුණ ගෙන තියනවා. ඒ අනුව ඇය විසින් ජටා බ්‍රෑන්ඩ් එක පසුගිය දවසක එළිදක්වලා තිබුණා.

ඉතින් මේ ජටා බ්‍රෑන්ඩ් එක ගැන අදහස් දක්වමින් හිටපු ලෝක විවාහක රූ රැජින වූ කැරෝලයින් ජූරි කියා සිටියේ මේ වෙද්දී අපේ රටෙන් බොහෝ දෙනෙක් විවිධ වූ පිළිකා තත්වයන්ට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ අයගේ රෝගී තත්වයට ප්‍රතිකාර සිදුකරන කීමෝ තෙරපි නිසා හිසකෙස් ගැලවී යාම සාමන්‍ය දෙයක් බවට පත්වෙලා.

නමුත් හිසකෙස් ගැලවී ගිය පසු ඒ රෝගීන් සමාජය එක්ක මුහු වෙන්න මැලි කමක් දක්වනවා. මොකද ඒ අය දිහා සමාජයේ අය බලන සානුකම්පිත බැල්ම පවා ඔවුන්ගේ මනසට කම්පනයක් එක කරන බැවින්. ඒ නිසාම මම සහ චූලා පත්මේන්ද්‍රන් ඇතුළු අපේ කණ්ඩායම හිතුවා ජටාව එහෙමත් නැත්තන් ස්කාෆ් එක හැමෝම අතර නිතර භාවිතා වන විලාසිතාවක් බවට පත් කරන්න ඕනේ කියලා.

ඉතින් මේ ජටාව ස්ටයිල් එකක් වුනහම සමාජය තුල නිතර ඇස ගැටෙද්දී මිනිසුන්ගේ ආකල්ප පවා වෙනස් වෙනවා. ඉතින් ඒ තුලින් යම් පිළිකාමය තත්වයක ඉන්න කෙනෙක්ට වුනත් සාමාන්‍ය විදිහට ලස්සනට සමාජයත් එක්ක එකතු වෙන්න වෙනදා වගේම තමන්ගේ සුපුරුදු කටයුතු කරගෙන යන්න මානසික ශක්තියක් ලැබෙනවා.

අනිත් විශේෂම කාරණය එහෙම පිළිකාවක් වැළදුණු කෙනෙක් තනි වෙලා නැහැ, අපිත් එයාලත් එක්ක ඉන්නවා කියන දෙයත් අපිට මේ තුලින් සමාජයට දෙන්න අවශ්‍ය වුණා. මේ සියලු කරුණු කාරනා නිසා තමයි Jataa.lk නමින් ඕනෑම කෙනෙකුට ඔන්ලයින් ඔස්සේ මිලදී ගැනීමට පහසුකමක් සැලසුම් කලේ. විශේෂයෙන් කියන්න ඕනේ මෙහි හැම මුදලක්ම බැර වෙන්නේ ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් කියන එකට. ඒ නිසා ආරාධනා කරනවා ආදරෙන් හැමෝටම අපිත් එක්ක එකතු වෙන්න කියලා.

ඉතින් ඒ වගේම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජනාදරයට පත්වුණු බොහෝ දෙනෙක් ජටා බ්‍රෑන්ඩ් එක එළිදක්වපු මොහොතට සහභාගී වෙලා තිබුණා. ඉතින් ඒ අතරින් රෝහිත සහ ටට්යානා යුවළද පැමිණ සිටීම විශේෂයි. කොහොම නමුත් කැරොලයින් ජූරිගේ මෙම සමාජය සේවය ඇගයීමට ලක්විය යුතුම දෙයක් කියලා තමයි අපිනම් හිතන්නේ.