Life Story

වැරදිලාවත් ආයෙනම් විවාහ වෙන්නෑ කවදාවත්-තෙවන වරටත් විවාහ වුනු මධුමාධව අරවින්ද

අපේ රටේ කළා ක්ෂේත්‍රයේ වගේම දේශපාලන වේදිකාවේත් දැකගන්න ලැබුනු මධුමාධව අරවින්ද කියලා කියන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ගායකයෙක්, දේශපාලකයෙක් වගේම දක්ෂ වැඩසටහන් නිවේදකයෙක් විදියටත් හඳුන්වලා දෙන්න පුලුවන්. ඉතින් නිරන්තරයෙන්ම මුහුණු පොත හරහා ඔහුගේ ජීවිතයේ අත්දැකීම් බෙදා ගන්න වගේම කාගේත් කතා බහට ලක්වෙන දක්ෂ ගායන ශිල්පියෙක් වගේම දේශපාලඥයෙකු වන මධුමාධව අරවින්ද නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුලින් කාගේත් කතා බහට ලක්වෙනවා.

ඉතින් මධු මාධව අරවින්ද පසුගිය කාලයේ තෙවන වරටත් යුග දිවියට එලඹුන බව මේ වෙනවිට අපේ රටේ හැමෝම දන්නා කාරණයක්. ඔහුගේ විවාහ ජීවිතය ආරම්භ වෙන්නේ රෙනූෂා පෙරේරා එක්ක, නමුත් කාලයක් ගත වෙද්දී එම විවාහය අසාර්ථක වෙලා දෙදෙනා වෙන් වෙනවා. ඉන් පස්සේ කාලයක් තනියම ඉන්න මධුමාධව නැවත විවහා වෙන්නේ මුස්ලිම් තරුණියක් එක්ක. එම විවාහයෙන් පස්සේ කාලයක් සතුටින් ගතකරන ඔහු නැවත ඇයගෙනුත් වෙන් වෙන්නේ එම ජීවිතයත් අසාර්ථක වීමත් එක්ක. වසර කිහිපයක් යද්දී ඒ විවාහයත් අසාර්තක වෙලා දෙන්නා වෙන්වෙනවා. ඉතින් ඊටපස්සේ තමයි ඔහු එරන්දි එක්ක විවහා වෙන්නේ, ඒ කියන්නේ ඔහු දැන් තුන්වෙනි පාරට විවහා වෙලා ඉන්නේ එරන්දි සිරිවර්ධන කියන සුරූපී තරුණිය එක්කයි.

ඉතින් මධුමාධව ඇයව ඉතාමත් සුන්දර වගේම ආදරණීය බිරිඳක් විදිහටයි හදුන්වන්නේ. ඉතින් ආදරණීය බිරිඳ ගැන ඔහු පසුගිය දවසක අපූරු කවියක් ඔහුගේ මුහුණුපොතට එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහි සටහන් කරලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

ආයුධ අරන් සොපිං කරන කාලේ
රට ඇරියම පරිස්සමෙන් රාලේ
සීනි බනිස් වගේ හිටියට අහිංසක
ඇඳුම් ගන්න යන්නේ අරගෙන මේක
පිරිමි තැළෙන හැටි දැක්කද විවාහෙක
ආයෙත් නම් බඳින්නෙම නෑ කිසිදාක

කොහොම නමුත් මධුමාධව මේක කියලා තිබුණේ පෙම්වතුන්ට අවවාදාත්මක කවි, නැත්තං සැමියන්ට අනතුරු ඇගවීමේ කවි යනුවෙන් පවසමින්. ඉතින් ආදරණීය බිරිඳ එක්ක ෂොපින් ගිහිල්ලා බිරිඳගේ අතේ තිබුණ පුංචි ආයුධයක් නිසා තමයි ඔහු මෙහෙම අපූරු කවියක් එක කරලා තිබුනේ.