Life Story

රටටම ආඩම්බරයක් වෙමින් කොලිවුඩයේ රඟපෑ අපේ රටේ සුරූපිනිය ලොස්ලියා මරියනේසන්ගේ ඡායාරූප 25ක්

අපේ රටේ නම ඉස්සරනම් වැඩිපුරම ජාත්‍යන්තරයේ කතා බහට ලක්වුණේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. නමුත් මෑත කාලයේදී අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ යම් පසුබෑමක් තිබුනත් අපේ කළා ක්ෂේත්‍රයට පායන නවක තරු වල අති විශිෂ්ට දක්ෂතාවයන් නිසා දැන් නැවතත් ලෝකයක් අපේ රට ගැන කතා කරන්න පටන් අරන්. එයට හොඳම උදාහරණයක් තමයි මෑත පරපුරේ බිහිවූ ජනප්‍රිය ගායිකාවක් වන යොහානි ද සිල්වා කියල කියන්නේ. ඉතින් ඇය ගායන අංශයෙන් ජාත්‍යන්තර වේදිකාවේ ජයගත් දක්ෂ ගීත කෝකිලාවියක්. නමුත් අද අප කතා කරන්න යන්නේ රංගන හැකියාවෙන් භාරතය ජය ගැනීමට හැකි වූ ශ්‍රී ලාංකික රුවැත්තියක් පිළිබඳවයි. කොලිවුඩ් සිනමාව කියලා කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ ඉතා විශාල රසික පිරිසක් ආදරය කරන ක්ෂේත්‍රයක්. ඉතින් ඉන්දියාවේ කොලිවුඩයේ අපේ රටේ ඉන්න සාමාන්‍ය චරිතයකට රඟපෑමට යන්න පුළුවන් වෙනවා කියන්නෙම අපේ රට ලද ලොකු ජයග්‍රහණයක්. ඒ තරමටම කොලිවුඩය කියන්න අමාරු කඩඉමක්.

ඉතින් ලංකාවේ සිටින එක්තරා තරුණියකට මේ කොලිවුඩයේ ජයගැනීමට හැකි වෙලා තියෙනවා. ඇය නමින් ලොස්ලියා මරියනේසන්. මේ දවස්වල ඉන්දියාවේ අති සාර්ථක ලෙස තිරගතවන friendsship චිත්‍රපටියේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං සමඟ රංගනයේ යෙදෙන්නේ අපි මේ කතා කරන සුරූපී තරුණියයි. ඇය ඉපදිලා තියෙන්නේ 1996 මාර්තු 23 වනදා කිලිනොච්චියේදී. ඇගේ දෙමව්පියන් යාපනේ පදිංචි වී සිටියත් ඔවුන් ඇය සමඟ කුඩාකාලයේදීම යුද්ධය හේතුවෙන් ත්‍රීකුණාමලයට පැමිණ තිබෙනවා. ඉතින් ඊට පස්සේ ඔවුන් පවුලේ සියලු දෙනාම එක්ක කොළඹ පදිංචියට ඇවිත් ඇයගේ පළමු රැකියාව ලෙස අපේ රටේ දමිල නාලිකාවක් වූ ශක්ති ටීවී හී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස සහ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් ලාංකික ජනතාව අතර ඉතාම ජනප්‍රිය චරිතයක් වන්නට ඇයට වාසනාව හිමි වුණා.

පසුව ඇය රැකියාවෙන් ඉවත් වී 2019 ඉන්දියානු විජය රූපවාහිනියේ විකාශය වූ ජනප්‍රිය ප්‍රසංගයක් වූ බිග් බොස් ටැමිල් සීසන් 03 සඳහා සහභාගී වී ඉන්දියානු දමිල ජනතා ආකර්ශනය නොඅඩුව ලබා ගනිමින් ඇය අවසාන තුන්දෙනා අතරට එන්නට සමත් වාසනාවන්ත වුණා. ඉතින් ඊට පස්සේ වෙලඳදැන්වීම් කිහිපයක පෙනී සිටීමෙන් පසුව ඇය කොලිවුඩයේ ඇගේ මුල්ම රංගනය ඉදිරිපත් කරන්නේ මේ දිනවල තිරගත වන දමිල චිත්‍රපටියක් වන friendsship චිත්‍රපටය හරහායි. ඉතින් මෙලෙස අපේ රටේ නම බැබලවූ ඇයට අපිත් හදවතින්ම සුබ පතන ගමන් ඇයගේ ජීවිතේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25