Life Story

මම දවසට බිත්තර තිහයි චිකන් කිලෝ එකහමාරක් ආහාරයට ගන්නවා-කඩවසම් වෛද්‍ය සචින් සමරසිංහ

අපට නිතරම වගේ සමාජයෙන් අහන්නට දකින්නට ලැබෙන දෙයක් තමයි බොහෝ දෙනෙකුගේ ඇඟ තිබුනට මොලේ නෑ කියන කතාව. කොහොම නමුත් ඇඟ වගේම අපේ රටට මහඟු සේවයක් කරන කඩවසම් වෛද්‍යවරයෙකු ගැන අපට අහන්න ලැබුණා. ඔහු තමයි මුල්ලේරියාව ජාතික රෝහලේ සේවය කරන ඩොක්ටර් සචින් සමරසිංහ. ඉතින් මේ රටක් වටිනා පුද්ගලයා ඔහුගේ රැකියාව ගැන වගේම මෙහෙම ලස්සනට ඇඟ හදාගන්න ඔහු කරන කැපවීම ගැන අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි.

මගේ ගම මාතර. මම විවහා වෙලා දැන් පදිංචි වෙලා ඉන්නේ පිළියන්දල ප්‍රදේශයේ. මම ජිම් යන්න පටන් ගත්තේ O/L ඉවරවෙලා ගෙදර හිටිය කාලෙදී. මම පාසල් ගියේ මාතර රාහුල විද්‍යාලයට. ඉතින් මට ඒ කාලයේ ක්‍රිකට් සෙල්ලම් කරන්නත් හැකියාව ලැබුණා. නමුත් පස්සේ O/L විභාගය නිසා ක්‍රිකට් ගහන එකත් නවත්වන්න සිද්ධ වුණා. මගේ තාත්තා රැකියාව කලේ ගුවන් හමුදාවේ. ඉතින් ඒ වගේම මාව ක්‍රීඩා වලට යොමු කරන්න තාත්තාට ගොඩක් ලොකු වුවමන්වක් තිබුනා. ඉතින් ඒ නිසාම මගේ තාත්තා මාව ඒ දවස් වලම සම්බන්ධ කළා ජිම් එකකට. ඒ කාලේ මම ගොඩක් කෙට්ටුයි. ඒ නිසා එතනින් කිව්වා අනිත් අය වගේ හරියන්නේ නැහැ. ටිකක් වැඩිපුර කන්න ඕනේ, දවසට බත් වෙල් පහක් හයක් කන්න කියලා.

ඉතින් ඒ විදියට කාලයක් කරගෙන යද්දී A/L නිසා ආයෙත් ජිම් යන එක සම්පුර්ණයෙන්ම නවත්වන්න සිද්ධ වුණා. නමුත් මම අවුරුදු තුන හතරක් ජිම් ගිහිල්ලත් කවුරුත් මගෙන් ඇහුවෙවත් නැහැ ජිම් එකකට යනවද කියලාවත්. ඉතින් ගොඩක් කාලයක් මම ගොඩක් මහන්සි වෙලා තමයි මේ තත්වෙට ආවේ. මගේ ප්‍රධානම ආහාරවේල් වෙන්නේ බිත්තර සුදු මද සහ චිකන්. දවසට බිත්තර සුදු මද තිහක් වගේම චිකන් කිලෝ එකහමාරක් ආහාරයට ගන්නවා. මම ඒ ආහාර රටාව පටන් අරන් දැනට අවුරුදු තුනක් වෙනවා. බිත්තර එක වේලකට දහය ගානේ දවසට තිහක් ගන්නවා.

මුලින්ම බිත්තර පහලව, විස්ස වගේ කාලයක් ආහාරයට අරගෙන ඉන් පස්සේ තමයි තිහකට ආවේ. ඊළඟට චිකන් කිලෝ එකහමාරක් දවසකට ගනන්වා. එකත් මම ගන්නේ කොටස් තුනකට වෙන් කරලා. චිකන් තම්බලා කූල් වතුර දාලා බ්ලෙන්ඩ් කරලා වැඩ කරන ගමන් ටික ටික ඒක බොනවා. දවසට පැය දෙකෙන් දෙකට මේ බිත්තර සහ චිකන් ආහාරයට අරගෙන ඉවර කරනවා. මම ජිම් එකට යන්නේ හවසට පැය දෙකක් වගේ තමයි. ඉතින් ඒ වගේම මම නින්දට යන්නේ රෑ දෙකට විතර. මගේ වෘත්තීය සහ වැඩකටයුතු එක්ක ගොඩක් ලොකු කැපකිරීමක් එක්ක තමයි මේ විදියට වැඩ කටයුතු කරගෙන යන්නේ කියලයි මේ කඩවසම් වෛද්‍යවරයා අවසාන වශයෙන් පැවසුවේ.