Life Story

මම ඩිවෝස් උන කාලේ සෝෂල් මීඩියා තිබුනානම් මම සූ සයිඩ් කරගෙන-ජනප්‍රිය සුරූපී නිලි නෙහාරා පීරිස්

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කවුරුත් ආදරය කරන ආදරණීය සුන්දර කළා යුවලක් තමයි සුරූපී නිලි නෙහාරා පීරිස් වගේම කඩවසම් නළු මේනක රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් මේ දෙන්නගේ පුංචි කැදැල්ලට පහුගිය කාලේ කිරි සිනහවත් අරගෙන පුංචිම පුංචි පුළුන් බෝලයක් වගේ දූ පැටියෙක් එකතු වුණා කියන්න අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ මෙයිලි පුංචි දෝනි ගැනත් අපි නිතරම රසබර පුවත් ඔබ වෙත අරගෙන එනවා ඔබට මතක ඇති.

ඉතින් ඒ වගේම මේ වනවිට කාටත් ආදර්ශයක් ලබාදෙමින් ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන මේ ආදරණීය කැදැල්ල ගැන නිතරම සමාජ මාධ්‍ය තුලිනුත් කතා බහට ලක්වෙනවා. කොහොම නමුත් මෙනකේ වගේම නෙහාරාගේත් දෙවෙනි විවාහය තමයි මේ. නෙහාරා පලවෙනි වතාවට විවාහ වෙලා තියෙන්නේ ඇයට වයස අවුරුදු දහනවයක් පමණ වන විටයි.

ඉතින් ඒ කාලෙදි තිබෙන නොදැනුවත්කම වගේම ජීවිතේ හරිහැටි නොතේරුම්කම නිසා පසුව එම විවාහයෙන් වෙන්වෙලා තියනවා. ඉතින් නෙහාරා පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් සමඟ එකතුවෙලා මේ ගැන කතා බහ කරලා තිබුණා. ඉතින් එහිදී ඇය ඇගේ ජීවිතයේ අතීතය ගැන කියලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මට ජීවිතේ හැමදේම එපා උනා එක්තරා තැනකදී, ඉතින් ඒ ගොඩක් වැඩ කරපු නිසාද දන්නෙ නැහැ. හැබැයි දැන් ඇති කියන හැඟීම් ආවා. දැන් මට මහන්සියි. දැන් මට ඕන සාමකාමී වෙන්න කියලා හැඟීමක් ආවා. ඉතින් මට දික්කසාදයකට යන්න උනා. ඉතින් මිනිස්සු ඒකට රිඇක්ට් කරපු විදිහ, එකට හැදුනු කටකථා ඒ ඔක්කොමත් එක්ක මට හිතුනා ඇයි නේද මිනිස්සු මෙහෙම කියලා. මමත් මනුස්සයෙක්නේ. මටත් හැඟීම් තියෙනවා. මේක මට විතරද වෙන්නේ කියලා මම මගෙන්ම ප්‍රශ්න කළා.

මම කොහොමද ලෝකෙටම කියන්නේ මෙහෙම තමයි වුණේ කියලා. ඒ කාලේ සෝෂල් මීඩියා එහෙම තිබ්බා නම්, ඒ වෙලාවේ මිනිස්සු කියපු කතාවලට මට සූ සයිඩ් කරගන්න වෙන්නේ. මම හිතන්නේ මේ හැමදේම තාවකාලිකයි. ස්පෙශලි අපේ රටේ. ඉතින් ඒ නිසා මට මේ ෆීල්ඩ් එක ගැන ලෝභ කමක් තිබුනේ නෑ. මම ජීවිතේ ගත්ත කිසිම දෙයක් ගැන දැන් පසුතැවෙන්නේ නැහැ කියලා තමයි නෙහාරා එහිදී පවසලා තිබුණේ.