Life Story

මම ජාත්‍යන්තර මට්ටමින් නර්තනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා-හිරු සුපර්ඩාන්සර් වුනු ධනුජ ඉන්ධීවර

ධනුජ ඉන්ධීවර කියන නම ඇහුවම දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්. වයසින් ඉතාම කුඩා වුවත් දක්ෂතාවය අතින්නම් ඔහු ගොඩක් ඉහල තැනක තමයි ඉන්නේ. ඉතින් ඒ බව ඔහු පහුගිය දවසක මුළු ලෝකයටම පෙන්නුවා. ඉතින් ඒ තමයි හිරු සුපර්ඩාන්සර් කිරුළ හිමිකරගැනීමත් එක්ක. ඉතින් මේ පුංචි නර්තන ශිල්පියා ජයග්‍රහණයේ සතුට සමරන අතරතුර ඔහුගේ අදහස් ගැන වගේම අනාගත බලපොරොත්තු ගැනත් අපිත් එක්ක මෙන්න මේ විදිහටයි කතා බහ කලේ. මට කියාගන්න බැරිතරම් සතුටක් තියෙන්නේ. නර්තන තරඟයකට මම සහභාගි වුණු පළමු අවස්ථාව මේක. මෙච්චර දුරක් ඇවිත් තරඟය දිනන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. මට තිබුණු ලොකු හීනයක් තමයි මේ සැබැ වුණේ.

මම ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රඹුක්කන සියඹලංගමුවේ. කුරුණෑගල ලක්දාස් ද මෙල් විද්‍යාලයේ තමයි ඉගෙන ගන්නේ. මම මේ තරඟය ජය ගන්න දවසම ෆ්‍රැන්ටිස් කළා. පාසලේ වැඩකටයුතුත් එක්ක සමබරව පුහුණුවීම් කළා. ඒත් ටික කාලෙකට ඔන්ලයින් උගන්වන එකත් නැවතුණ නිසා පුහුණුවීම් කරන්න ලේසි වුණා. සර් තමා මට හැමදේම පුහුණු කළේ. මගේ වැරදි අඩුපාඩු හැමතිස්සෙම කියලා දුන්නා. ඉතින් ඒ වගේම මම නර්තනයත් කරන ගමන් හොඳ නළුවෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. තව අනාගත බලාපොරොත්තු විදිහට මම ජාත්‍යන්තර මට්ටමට ගිහින් නර්තනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම මගේ ගුරුතුමාට, මගේ අම්මට, තාත්තට, මගේ ඥාතීන්ට මම ස්තුතිවන්ත වෙනවා මට තරඟය දිනන්න උදව් කලාට. ඒ වගේම සියලුම ප්‍රේක්ෂකයන්ට සහ මට වචනයකින් හරි උදවු කළ හැමෝටම ස්තුතියි කියලයි මේ පුංචි නර්තන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ. ඉතින් අපිත් ඔහුට හදවතින්ම සුබ පතන ගමන් ඔහුගේ අනාගත බලාපොරොත්තු වගේම ඉදිරි වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරමු.