Life Story

මම එයාගෙන් කැමතිද කියලා අහද්දී එයාට අවුරුදු 17යි – ජනප්‍රිය ගායක සුරේන්ද්‍ර පෙරේරා

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ඉතාම ජනප්‍රිය විරහා ගීත වලට සොඳුරු හඬක් අවදිකරමින් සිරස සුපර්ස්ටාර් තරඟාවලියෙන් කළා ක්ෂේත්‍රයට පැමිණ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත ගායකයින් අතර කාගේත් ආදරය දිනා ගත් ආදරණීය කටහඩකට හිමිකම් කියන කඩවසම් ගායන ශිල්පියෙක් තමයි සුරේන්ද්‍ර පෙරේරා කියලා කියන්නේ. ඉතින් නිරන්තරයෙන්ම නව ගීත හරහා කාගේත් අවදානය දිනා ගන්නා මේ ආදරණීය ගායන ශිල්පියා පහුගිය දවස් වල විවිහා වුනු බවත් දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරුත් ඔහු අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි.

මමයි අචිනියි පහුගිය කළේ විවාහ වුනා. අපේ ආදරේට දැන් අවුරුදු 12ක් වෙනවා. 2008 තමා අපේ ආදරේ පටන් ගන්නේ. ඒකත් මුලින්ම යාළුවෝ විදිහට. මොකද මගේ යාළුවෙක් තමා නම්බර් එක ඉල්ලා දුන්නේ. ඉතින් අපි දිගටම කතා කරන්න ගත්තා. අචිනි මුලින්ම මට කතා කලේ මගේ රසිකාවියක් විදිහට. කාලයක් යද්දි අපිටම තේරුම් ගියා අපිව ගැළපෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි ආදරේ කරලා විවාහ වෙන්න තිරණය කලා. අපේ ආදරේ පටන් ගද්දි එයාට අවුරුදු 17යි. ඉතින් ඒ වගේම මේ වෙද්දි ඇය නීතිවේදය ඉගෙන ගන්නවා. ඉතින් ඒ වගේම අචිනි කියන්නේ ඉවසිමක් තියෙන කෙල්ලෙක්. ඊටත් වඩා මාව තේරුම් ගන්න කෙල්ලෙක්. ඉතින් ඒ නිසා එයා එක්ක ජීවත් වෙන්න හරිම ලේසියි. අනික මට ඕනිම දේකට හැම වෙලාවකම අචිනි උදව් කරනවා. මම හිතන්නේ ඒක තමා වෙන්න ඕනි දේ. මොකද සාර්ථක බිරිඳක් වෙන්න තේරුම් ගැනිම ඉවසීම තියෙන්නම ඕනි.

මම සමාජ මාධ්‍ය භාවිත කරන්නේ හරිම අඩුවෙන්. මට තියෙන්නේ පෞද්ගලික ගිණුමක්. අනික මම විවාහ වෙනවා කියලා ලොකුවට කියන්න මට ඕනි වුනේ නෑ. මම කොහොමත් සරළව ජීවත් වෙන නිසා අපි කතා වෙලා හරිම චාම් විදිහට අපේ වෙඩින් එක ගත්තා. මගේ වෙඩින් එකට මගේ නිහඩ බව කිසිම වෙලාවක බලපෑවේ නෑ. එකම දේ මම මගේ පෞද්ගලික ජීවිතේ ප්‍රසිද්ධ කරන්නේ නෑ. ඇත්තටම අපි කවුරුත් මේ ගෙවන්නේ හරිම අමාරු කාලයක්. ඉතින් ඒ නිසාම වැඩ කටයුතු අඩු කාලයක්. නමුත් අලුත් නිර්මාණ කරන්න බලාපොරොතුවෙන් ඉන්නවා කියලයි මේ දක්ෂ ගායන ශිල්පියා අවසාන වශයෙන් පැවසුවේ.

Leave a Comment