Life Story

මමත් ආසයි ජීවිතේ ලස්සනට විදින්න, ඉතින් ඒකට වයසක් මොකටද-ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව

අපේ රටේ කවුරුත් ආදරය කරන සංගීත ක්ෂේත්‍රයටත් නැතුවම බැරි ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවස් වල සමාජ මාධ්‍යවල වැඩිපුරම කතාබහට ලක්වූ චරිතයක් කිවුවොත් හරියටම හරි. ඉතින් එයට හේතු වුනේ ආදරණීය දුවකගේ සහ පුතෙකුගේ සෙනෙහෙබර මවක් වන සමිතා මුදුන්කොටුව ඇයට වඩා වයසින් ගොඩක් බාල ලාබාල පෙම්වතෙක් සමගින් විවාහවීම නිසයි. ඉතින් ඒ වගේම දුක සතුට කියන හැමදේටම එකසේ මුහුණ දුන් ඇය අද වන විට ශක්තිමත් කාන්තාවක් විදියට සමාජයට හොඳින් මුහුණ දෙනවා විතරක් නොවෙයි මිනිසුන්ගේ විවේචන වලටත් නොසැලී ඉන්න දිරිය කාන්තාවක්.

කොහොම නමුත් සමිතයි චිරන්තයි කියන්නේ දැන් විවාහ වෙලා ඉන්න ආදරවන්තයන්. ඉතින් මේ දෙන්නා විවාහ වෙලා පහුගිය දවසක මේ දෙන්නාගේ පලවෙනි විවාහ සංවත්සරයත් ජයටම සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දෙන්නගේ වයස් පරතරය සාමාන්‍ය ආදරවන්තයන්ගේ වයස් පරතරයට වඩා ගොඩක් වෙනස් වුනත් සමිතා පසුගිය දවසක හරි අපූරු කතාවක් කියලා තිබුණා. ඇය කියනවා තමන්ගේ වටිනා ජීවිතේ විඳවන්නේ නැතිව ලස්සනට විදින්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි ජීවිතේ තමන්ගේ නිසා තමන්ගේ ජීවිතේට දුකක් නොදී හුදෙක් ප්‍රශ්න මැද වුනත් හිනාවෙලා සතුටින් ඉන්න කියලා ඇය පවසනවා. ඒ වගේම ඇයත් ජීවිතේ ගොඩක් විදින්න ආසා කෙනෙක්ලු.

කොහොම නමුත් වසර ගනනාවක්ම තමන්ගේ ආදරණීය දරුවන් දෙදෙනා උස් මහත් කරමින් ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙමින් ඉන් පස්සේ තමයි සමිතා තමන් ගැන හිතුවේ. ආදරයට වයස කියන්නේ ඉලක්කමක් විතරක්. කිසිම කෙනෙක් ආදරේට වයස බාදාවක් කරගන්න අවශ්‍ය නැහැ කියලත් සමිතා කියනවා. ඉතින් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.