Life Story

මට මගේ දරුවා වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන්න සිද්ද වෙලා-ජනප්‍රිය සුරූපී නිලි ලෝචනා ඉමාෂි

ලෝචනා ඉමාෂි කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන කටකාර, දඟකාර සුන්දර රංගන ශිල්පිනියක් කියලා කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම ඇය මේ වන විට පුංචි පුතෙකුගේ ආදරණීය සෙනෙහෙබර මවක්ද වනවා. කොහොම නමුත් මේ සුන්දර රංගන ශිල්පිනිය මේ දිනවල ලංකාවේ තනියම තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒකට හේතුව වෙලා තියෙන්නේ ඇයගේ ආදරණීය සැමියා සහ පුතා නෙදර්ලන්තයේ ජීවත්වීමයි. දඟකාර පුංචි පුතෙකුගේ ආදරණීය මවක් වුනත් මේ රංගන ශිල්පිනියගේත් දඟකාර කටකාර කම් නම් අඩුවක් නැහැ. කොහොම නමුත් තමන්ගේ ආදරණීය සැමියා වගේම තමන්ගේ පුංචි පුතු විදෙස් රටක ජීවත් වෙද්දී ලංකාවේ තනියම දිවි ගෙවන ඇය ඇයගේ හැගීම් ගැන මෙන්න මේ විදිහටයි අපිත් එක්ක කතා බහ කලේ.

ජීවිතේ අපි හැමෝටම කවුරුන් හෝ වෙනුවෙන් කැපකිරීම් කරන්න සිද්ද වෙනවා. මගේ පොඩි කාලේ මගේ දෙමව්පියෝ මන් වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළා. ඉතින් දැන් මට මගේ දරුවා වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන්න සිද්ද වෙනවා. ජීවිතේ වගේම වෘත්තීය ජීවිතයේත් බොහෝ දේවල් කැප කරන්න සිද්ද වෙනවා. රංගනයේදී විවිධ චරිත කරන්න, විවිධ කැපකිරීම් කරන්න සිද්ද වෙනවා. ඒ හැමදේම කරද්දී ලැබෙන ප්‍රතිපලය බොහෝ වෙලාවට සාර්ථකයි. මගේ ජීවිතේ මගේ ආදරණීයයන් වෙනුවෙන් මම බොහෝ වෙලාවට කැප කිරීම් කරලා තියනවා. මගේ ළමා කාලයේ ඉදලා අද දක්වා වුනත් මට හැමදේම ලැබුණු කෙනෙක් නෙමෙයි. මට නැති දේවල් බොහොමයක් අනිත් අයට ඇති. ඒත් මට නොලැබුණා කියලා කිසිම දේකට කිසිම කෙනෙකුට ඉරිසියා කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මන් ඒ දේවල් ගැන හිතන්නේ නැති නිසා නොලැබිච්ච ඒ දේවල් ගැන අවශ්‍යතාවයක් මට දැන් දැනෙන්නේ නැහැ.

මගේ පෞද්ගලික ජීවිතේ යම් යම් පසුතැවීම් තියනවා. ඒවා මට විතරක් නෙමෙයි ඕනෑම කෙනෙකුට අයිති දේවල්. පසුතැවීම් එක්ක හිතට එන කලකිරීමත් දුකත් එක්ක මට හිත හදා ගන්න අමාරුයි. හැබැයි ඒ වෙලාවට අඩලා ඒ පසුතැවිලි වුනු දේවල් වලින් ඈත් වෙලා මම හිත හදා ගන්නවා. ඉතින් ඒ වගේම මගේ ජීවිතේ කඩාවැටීම් සිදු වෙලා තියනවා. මගේ ජීවිතේ ලොකුම කඩා වැටීම වුනේ මගේ දරුවාගෙන් ඈත් වෙලා හිටපු මේ කාලේ. දැන් එයා අවුරුදු දෙකක් තිස්සේ ඉන්නේ විදෙස් ගත වෙලා. මීට අවුරුදු දෙකකට කලින් එයාව ඒ රටේ දාලා ලංකාවට අපු දවසේ මම අඩපු තරම් මම විතරයි දන්නේ. කොවිඩ් නිසා රටවල් වහපු නිසා පුතාට ලංකාවට එන්නවත් මට ඒ රටට යන්නවත් බැරි වෙලා තියනවා. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ මගේ පුතාව දකින්න නොලැබීම මගේ ජීවිතේ ලොකුම කඩා වැටීමක් කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

Leave a Comment