Life Story

මගේ අතපය කකුල් තුවාල වෙලා ලේ හලාගෙන මම නටලා තියෙනවා-හිරු මෙගාස්ටාර් කිරුල දිනූ ඩිෂ්නි රාජපක්ෂ

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඩිෂ්නි රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම රංගනයට මෙන්ම නර්තනයටත් ඇයගේ ඇති හැකියාව මේ වනවිට ඇය ලෝකයටම ඔප්පු කර අවසානයි. ඉතින් ඒ තමයි හිරු මෙගාස්ටාර් වේදිකාව මත දැක්වූ නර්තන පෙළහරට ලද ඉහළ ම ප්‍රේක්ෂක මනාපයෙන් ඩිෂ්නි රාජපක්ෂ සහ ලලිත් පැරකුම් කිරුළ දිනා ගැනීමට වාසනාවන්ත වීමත් සමඟයි. ඉතින් මේ හිරු මෙගාස්ටාර් කිරුළ අත දරා සිටින ඩිස්නි රාජපක්ෂ ඇයගේ තරග අත්දැකීම් ගැන අපත් සමඟ කතා බහ කලේ මෙන්න මේ විදිහටයි. මගේ ජීවිතේ මම කැමති ම දේ තමා ඩාන්සින් කියන්නේ. මේක තමා මගේ පළවෙනි රියැලිටි එක. ඒ නිසා කිරුළ දක්වා එන්න ලැබීම ගැන හරිම සතුටුයි. මට අවංකව ම ඕනේ වුණේ අපිට ආදරය කරන අය පුදුමයට පත් කරවමින් සතුටු කරන එක. මගේ අතපය කකුල් තුවාල වෙලා ලේ හලාගෙන මම නටලා තියෙනවා. ඒකට ගොඩක් පුරුදු පුහුණු වෙන්න වුණා. මොකද මේ වගේ කැපවීමක් අපිට හැම කාලයකම කරන්න බෑ.

මගේ පාට්නර් ලලිත් පැරකුම් අයියා. එයා තමා පිටරට වේදිකාවෙ දකින්නට ලැබෙන අක්‍රෝබැටික් කියන නැටුමට එහා ගියපු ටිකක් අවධානම් නැටුම් අංග ලංකාවට හඳුන්වා දුන්නේ. මම හොඳ සාම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් සහ මම කැමතියි අභියෝග බාර ගන්න. ඒ නිසා මගේ නර්තන හැකියාවට ලලිත් අයියා එකතු කරපු දේවල් එක්ක අපිට හැමදාම පුළුවන් වුණා නැටුමට එහා ගිය දෙයක් කරන්න. ඒ නිසා විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමණයක් මා වටා එකතු වුණා. ඒක මම දැක්කේ මට පැවරුණු වගකීමක් විදියට. මම ඒ ආදරයට පෙරළා දැක්වූ ප්‍රතිචාරය තමා මගේ උපරිමයෙන් ම මම තරග වැදුණු එක. ඒ නිසා මට කිරුළ උරුම කරලා දෙන තැන දක්වා ආදරණීය ප්‍රේක්ෂකයන් හිටියා. ඒ නිසා මට ලොකු තෘප්තියක් තියෙනවා.

රංගන ශිල්පිනියක් විදියට මට ලබන්න පුළුවන් ඉහළම ආදර ගෞරවය තමා ප්‍රේක්ෂක ආදරය. ඒක මට හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවෙන් ලැබුණා. ඒ එක්ක ම මට ලැබුණු හොඳ ම ශක්තිය තමා ලලිත් පැරකුම්. ලලිත් කියන්නේ හොඳ පිරිමි පෞරුෂයක් තියෙන අපිට ඉන්න දක්ෂ නර්තන ආචාර්යවරයෙක්. එයාගෙ ඒ පෞරුෂත්වය මුසුවූ නර්තනය සහ මගේ ලාලිත්‍ය මුසු වූ නර්තන හැකියාව තමා අපේ නිර්මාණ හැඩ කළේ කියන එක තමා විනිශ්චය මණ්ඩලය හැමදාම කිව්වේ. අපේ කැපවීමට ජනතාව උත්තර දුන්නා කියන එක තමා මට ජයග්‍රහණය ලැබුණු මොහොතේ දැනුණේ. ඒ නිසා හැමදාමත් මම මගේ රසික ජනතාවට ආදරෙයි. මගේ සියලු කලා නිර්මාණවලින් ඒ අයව පිනවනවා සහ හැමදාම මම ඒ අයත් එක්ක ඉන්නවා කියන පොරොන්දුව මම දෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment