Life Story

මං කලාකරුවෙක්, ඒ නිසා දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් නෑ-රටක් බැබලවූ යොහානි ද සිල්වා

යොහානි ද සිල්වා කියලා කිවුවාම මේ වනවිට අපේ රටේ මෙන්ම ලෝකයේම නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ තරම්ම දැන් ඇය ජනප්‍රියයි. ඉතාම කෙටි කාලයකින් ලංකාවේ නම ලොවක් ඉදිරියට රැගෙන ගිය ඇය ගායනා කළ මැනිකේ මගේ හිතේ ගීතය මේ වන විට ලෝකයේම ගීත දර්ශකවල ජනප්‍රියම ගීත පහ අතරටද පැමිණ හමාරයි. ඉතින් ඒ වගේම ඇයට බොලිවුඩ් චිත්‍රපටයක ගීතයක් ගායනා කිරීමටද මේ වනවිට වාසනාව හිමි වෙලා තියෙනවා. ඉතින් ඒ සමඟම ඇයට ඉන්දියානු ප්‍රසංග වේදිකාවේද දොරටු විවර වෙමින් ඉන්දියානු ප්‍රසංග දෙකක්ද පැවැත්වීමට පහුගිය කාලයේ හැකියාව ලැබුණා. ඉතින් මේ කටහඩින් මුළු ලොවක් වසඟයට ගත් අපේ රටේ පුංචි කෙල්ල යොහානි ඉන්දියානු සංචාරයෙන් පසුව පළමුවරට මීගමුවේදී පැවති මාධ්‍ය හමුවකදී පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. ඇත්තටම මටත් තාම හිතාගන්න බෑ. අපි ගොඩක් මහන්සි වෙලා වැඩකළා. මට ජාත්‍යන්තරයට යන්න ලැබුණේ මොන විදිහටද කියලා මමත් තාම දන්නේ නෑ. මට දැනෙන විදිහට මේක තනියෙන් කරපු දෙයක් නෙමෙයි. කණ්ඩායම තමයි මේකෙ ශක්තිය. මම හයිද්‍රබාද්වල ෂෝ එකට යන්න කලින් ටිකට් 400යි විකිණිලා තිබුණේ.

ඒ වුණාට ෂෝ එක වෙලාවේ ටිකට් 2000කට වැඩිය විකිණිලා. ඉන්දියාවේදි මම මැනේජ්මන්ට් ටීම් එකක් එක්ක සයින් කළා. සල්මන් ඛාන් මට මුලින්ම කතා කළේ හින්දි භාෂාවෙන්. ඒ වෙලාවේ ඔහු දැනන් හිටියේ නෑ මට හින්දි බෑ කියලා. ඉතින් ඒ වගේම මට රටවල් ගොඩකින් ම ආරාධනා ලැබිලා තියෙනවා. මම ඉක්මණටම යන්න හිතන් ඉන්නේ ඩුබායි සහ ඕමාන් වලට. ඉදිරියේදී UK, USA සහ යුරෝපය වගේ රටවල්වලටත් යනවා. ඉන්දියානු සංචාරයත් එක්ක ඉන්දියාවේ නතර වෙන්න කියලා ආරාධනයක් ආවත් මම ආපහු මෙහෙට එයි. මම 2019 වෙකම් සංගීතය කරන්න නෙමෙයි හිටියේ. ගණකාධිකරණය උපාධිය මම කළේ. ඒ වෙනකොට සංගීතය ගැන බලාපොරොත්තුවක් තිබුණේ නෑ. 2019දී මට අවස්ථා දෙකක් තිබුණා. එක්කො ඔස්ට්‍රේලියාවල ඉන්න. නැත්නම් ලංකාවට ඇවිත් මුල ඉඳලා මියුසික් පටන් ගන්න. මම ආයේ මුල ඉඳලා ඉගෙන ගත්තා. මං හිතන්නේ ඉගෙන ගන්න එක තමයි හොඳම දේ. මගේ පවුලේ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා මේ හැමදේටම. මං කලාකරුවෙක්. ඒ නිසා දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් නෑ. මම දෙන පණිවුඩය තමයි පරාජය භාරගන්න සූදානම්වෙලා ඉන්න කොයිවෙලාවෙත්. එතනින් ඉදිරියට යන්න පුළුවන් කියලයි මේ ලොවක් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment