Life Story

බැදලා පහුවදා ඩිවෝස් වෙන අද කාලේ අවු 37ක් ආදරෙන් යුගදිවිය ගතකල යුවලගේ ප්‍රේමනීය ෆොටෝශූට් එක

අද සමාජයේ එක එක විදිහ අමුතු අමුතු ආදර කතා ගැන අපිට නිතරම අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ අතර සමහරුන්ගේ වැරදි තීරණ නිසා ජීවිත පවා නැතිකරගන්න තැනට අද සමාජයේ බොහෝ දෙනෙක් පත්වෙලා තියනවා. ප්‍රේමය කියන කාරණාවට හරියටම නිර්වචනයක් දෙන්න කාටවත්ම බෑ. ඒත් තමා නොවන කෙනෙක් වෙනුවෙන් හදවතේ ඇතිවන කියාගන්න බැරි තරමේ දයාවක්, පහන් හැඟීමක්, ලෙංගතුකමක් එක්ක බොහෝ දේ කැපකළ හැකි නම් අන්න ඒකට ආදරේ කියන්න පුළුවන්. ඉතින් ජීවිතේ මොන මොන ප්‍රශ්න භාදක ආවත් නොවෙනස්ව අවුරුදු ගණනක් එකටම දුක සැප බෙදාගෙන ජීවිත ගමන ඉදිරියටම ගෙනයන ආදරණීය යුවලක් ගැන අපට අහන්නට දකින්නට ලැබුණා. ඉතින් මේ දවස් වල අන්තර්ජාලය පුරා හුවමාරු වන ඡායාරූප කිහිපයක් ගැන තමයි මේ විදිහට අද අපි ඔබට කියන්නට යන්නේ.

වියපත් වූ ආදරණීය යුවලකගේ ප්‍රේමනීය වෙඩින් ෆොටෝ ශූට් එකක් තමයි අපිට මේ විදිහට දැකගන්න ලැබුනේ. ඉතින් මේ පීටර් සහ ශේරීන්ගේ 37වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් තමයි ඔවුන් දෙන්නා මේ විදිහට අපූරු ලස්සන වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තිබුනේ. කොහොම නමුත් අද විවාහ වෙලා හෙට දවසේ දික්කසාද වන යුවලවල් අතරේ මේ යුවල ඉතාමත්ම ආදරණීය ආදර්ශවත් යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ වසර 37ක ඔවුන්ගේ විවාහ ජීවිතේ ඉතාමත්ම අපූරු සංදිස්ථානයක් වෙනුවෙන් තමයි මේ විදිහට ඔවුන් මේ ෆොටෝ ශූට් එක කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ආදරණීය යුවලගේ සුන්දරත්වය තව තවත් කැපී පෙනෙන අයුරින් ඔවුන්ව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ Studio Aone APi කියන ඡායාරූපකරන ආයතනය විසිනුයි. ඉතින් අවුරුදු 37ක ආදර කතාවක් හිමි මේ දෙන්නට අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරන ගමන් ඔවුන්ගේ යුග ජීවිතය තව තවත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරේ දීර්ඝායුෂ ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

18

19

20