Life Story

පිළිකා මාරයාට අභියෝග කරමින් ලෝකයටම ආදර්ශයක් වූ චතුරිකා මුණසිංහ මෙලොවින් සමුගනී

ඇත්තටම කිවුවොත් ජීවිතේ කියන දේ හරියටම තේරුම් ගන්න කාටවත්ම බැහැ. ඕනෑම කෙනෙක් කුසතුලට ආවට පස්සේ ඉපදෙන වෙලාව අනුමාන කරලා කියන්න පුළුවන් වුනත් එතනින් පස්සේ අපේ ජීවිතේ ඉස්සරහට වෙන කිසිම දෙයක් අපිට කියනවා තියා හිතාගන්නවත් බෑ. ඉතින් මාරාන්තික රෝගයක් බව හොඳින්ම දැන දැනම පිළිකාවට අභියෝග කල හිත හයිය තරුණ යකඩ ගැහැණියක් විදිහට පහුගිය කාලය පුරාවටම හැමෝටම ආදර්ශයක් ලබාදුන් කෙනෙක් තමයි උදාරි චතුරිකා මුණසිංහ කියලා කියන්නේ. කෙසේ නමුත් ජීවිතේ අනියත බව දැන දැනත් සතුටින් ධනාත්මක සිතුවිලි සමඟින්ම ජීවත්ව ලෝකයටම ආදර්ශයක් වූ ඇය චතුරිකා මුණසිංහ මෙලොවින් සමුගෙන යන්නම ගිහින්. ඉතින් හැමෝම ඉන්න ටිකේ සතුටින් ඉන්න කියපු ඇය දැන් අප අතර නැහැ. කොහොම නමුත් ඇය අප සමාජයට පහුගිය කාලයේ දුන්නු පණිවිඩය මුළුමහත් ලෝකයටම ඉතාම වටිනවා. ආදරණීය සැමියා වගේම දරුවන් දෙදෙනාද හැර දමා යන්න වෙන බව දැන දැනත් ඇය ඉක්මනට මැරෙන බව දැන දැනත් ඇය තරම් සතුටින් ජීවත් වුනු කෙනෙක් නැති තරම් බව ඇය හැමෝටම පෙන්නුවා. ඇය සමාජයට දුන්නේ උතුම්ම ආදර්ශයක්. මැරෙන බව අපි කවුරුත් දන්නවා වුනත් ජීවත් වෙන තත්පරයක් වුනත් සතුටින් ජීවත් වෙන්න කියන පණිවිඩය ලෝකයටම දෙමින් ඇයගේ ජීවිතය අවසන් විය. ඉතින් ඒ හිනාව අපිට ආයේ දකින්න ලැබෙන්නේ නැහැ. දයාබර සොයුරිය ඉතින් ඔබට සුබ ගමන්. ඔබට නිවන් සුව ලැබේවා.

Leave a Comment