Life Story

පිරිමි එපාවෙලා හිටපු කාලේ හෙක්ටර් තමයි මගේ හිත වෙනස් කළේ-හෙක්ටර් ඩයස්ගේ ආදරණීය බිරිඳ පාඨලි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම කඩවසම් නවක රංගන ශිල්පියෙක් තමයි හෙක්ටර් ඩයස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ දිනවල ඔහු ගැන වැඩිපුර අපේ රටේ කතා බහට ලක්වෙන්නේ දිවිතුරා ටෙලිනාට්‍යයේ ඔහුගේ රංගනය නිසයි. කොහොම නමුත් ඔහුගේ ආදරණීය බිරිඳ පාඨලි ප්‍රථම වතාවට පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා එකතු වෙමින් හෙක්ටර් මුණ ගැසුණු හැටි මෙන්ම ඔවුන්ගේ සුන්දර ජීවිතේ ගැන මෙන්න මේ විදිහටයි පවසලා තිබුනේ. ප්‍රංශයට සොබෝන් විශ්වවිද්‍යාලයේ නීතිය හදාරවමින් ඉන්න සමයේ තමයි මට හේකටර්ව හඳුනාගන්න ලැබුනේ. මම හරි ආසාවෙන් හිටියේ ලස්සන පවුල් ජීවිතයක් ගෙනියන්න. මගේ දෙමව්පියන්ගෙන් මම කවදාවත් ඒ දේ දැකල තිබුණෙ නැහැ. හෙක්ටර් සමඟ විවාහ වෙලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න හීන දැක්ක මම අධ්‍යාපන කටයුතු අතරමග නවතා දමා විවාහ වුණා. විවාහයෙන් පස්සෙ මම සම්පූර්ණයෙන්ම මගේ පවුල වෙනුවෙන් කාලය වැය කළා.

තරුණ කාලේ ඉඳන්ම කලාවට සමබන්ධ පොඩි පොඩි දේවල්වලට මට ඇරැයුම් ඇවිත් තියෙනවා. මගේ තාත්තිත් කලා ක්ෂේත්‍රයේ නිසා මම ඒවට යනවට අම්මි කැමති වුණේ නැහැ. දැන් ආපසු හැරිලා බලද්දී මම කලාවට සම්බන්ධ නොවුණ එක හොඳයි කියලා හිතෙනවා. මායි හෙක්ටරුයි එකම ක්ෂේත්‍රයක කාර්ය බහුල වුණානම් අපිට ආදරයෙන් ඉන්න කාලයක් නැහැනේ. දැන් මම සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා ඉන්නේ. හෙක්ටර්ගෙ සහ බබාලා දෙන්නගේ වැඩ වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි හෙක්ටර්ගෙ ව්‍යාපාරවල කළමනාරණ කටයුතු කරන්නෙත් මම. අවුරුද්දෙන් භාගයක් මම ඉන්නෙ ලංකාවේ. මම තමයි සියයට දෙසීයක් හෙක්ටර්ගේ ඇඳුම් හදන්නෙ. දිවිතුරා ටෙලි නාට්‍යයේ එයා අඳින ඇඳුම් මම තමයි තෝරලා දෙන්නේ. නාට්‍යයේ සියවැනි කොටසේදී හෙක්ටර් ඇන්දේ මම නිර්මාණය කරපු ඇඳුමක්. ඊට අමතරව එයාගෙ කොණ්ඩා විලාසිතාවේ පටන් එයාගේ පෙණුමට බලපාන හැම දෙයක් ගැනම මම සැලකිලිමත් වෙනවා.

මගේ අම්මයි තාත්තයි වෙන්වෙලා දැන් අවුරුදු 30 කට වැඩියි. තාත්තත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ. තාත්තා ලෝකෙට කියන්නෙ නැහැනේ විවාහ වෙලා දරුවො ඉන්නවා කියලා. එයා ඒ කාරණය හංගන නිසා මම එයාට සමීප වුණත් එයා මට සමීප වෙන්න කැමැත්තකුක් නැහැ, ඒ ප්‍රසිද්ධිය නැතිවෙයි කියලා. මගේ අම්මා මුලින්ම හෙක්ටර්ගෙයි මගෙයි සම්බන්ධයට කැමති වුණේ නැහැ. මෙයත් කාලකාරයෙක් නිසා මම අමාරුවේ වැටෙයි කියලා. ඒත් මේක මගේ තීරණය කියලා තමයි හෙක්ටර් එක්ක විවාහ වුණේ. හැබැයි තාත්තයි හෙක්ටරුයි ගත්තම ඉරයි හඳයි වගේ හාත්පසින්ම වෙනස්. එකම ක්ෂේත්‍රයේ හිටියට එක මිම්මකින් හැමෝම මනින්න බැහැ. කලාකරුවො කියන්නේ සංවේදී හිත් තියෙන මිනිස්සු කොටසක්. ඇත්තටම මට ලැබුනේ නැති පිය සෙනෙහස මට ගෙනත් දුන්නෙ හෙක්ටර්. පිරිමි කියන අය එපාවෙන තැනක උන්න වෙලාවක මට පිරිමියෙක්ගේ ආදරයේ වටිනාකම කියල දුන්නේ හෙක්ටර්. මට නොලැබුණ පිය සෙනෙහස හෙක්ටර් අපේ දරුවන්ට දෙද්දී මම හරි සතුටු වෙනවා. ඒක මට ආශිර්වාදයක් වගේ.

ජනප්‍රිය වුණා කියල අපේ ජීවිතවල වෙනසක් වෙලා නැහැ. අපි විවාහ වෙලා දැන් අවුරුදු 16 ක් වෙනවා. මේ රටේ හිටියක් ලංකාවේ හිටියත් එයා දරුවන්ගේ අධ්‍යාපනය, දරුවෝ ගෙදර එන යන වෙලාව පවා හොයනවා. මම මෙහෙ හිටියට එයා මට අපේ පවුලේ බර තනියම ගෙනියන්න ඉඩ තියල නැහැ. මට මහන්සි වෙලාවට කේන්ති යන වෙලාවට එයා ඒ පැත්ත ගන්නවා. මම බලාපොරොත්තු නොවුණ විදිහට එයාගෙන් මට ඒ දේවල් ලැබෙනවා කියලයි හෙක්ටර් ඩයස්ගේ ආදරණීය බිරිඳ ඒ විදිහට අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment