Life Story

ප්‍රවීණ සූපවෙදී පබිලිස් සිල්වා ආදරණීය බිරිද වෙනුවෙන් කරපු මෙතෙක් කවුරුත් නොකරපු අදහගන්නවත් බැරි දේ

වසර ගණනාවක සිටීම ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා කියලා කිවුවාම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මුළු ලංකාවේම ගෘහනියන් සේම සෑමදෙනාම ආදරය කරන චරිතයක් වන පබිලිස් සිල්වා මහත්මයා ගැන අපූරු කතාවක් අපිට පහුගිය දවසක අහන්නට දකින්නට ලැබුණා. ඉතින් ඒ තමයි ඔහු ඔහුගේ ආදරණිය බිරිඳ ගැන අපූරු සංවේදී කතාවක් පවසලා තිබුණා. ඉතින් එහෙදි ඔහු පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. මම මගේ බිරිඳට මගේ සෙනෙහස ලබා දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ලෝකයේ රටවල් 16කට විතර මම ඇයව එක්කන් ගිහින් තියෙනවා.

හෙලිකොප්ටර් එකේ ඇරෙන්න මුහුදෙන් අහස උඩින් යන හැම වාහනේකම මම ඇයව එක්කන් ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේම ලෝකයේ කිසිම කෙනෙක් නොකරපු තරමේ දෙයක් මන් ඇය වෙනුවෙන් කළා. ඉතින් ඒ තමයි සිංහරාජ අඩවියේ පන්නිල කියන ගමේ ලංකාවේ ලොකුම සැතපෙන බුද්ධ ප්‍රතිමාව මම ඇය වෙනුවෙන් නෙළුවා. සාජහන් ටජ්මහල හැදුවේ මහජනතාවගේ සල්ලි වලින්, නමුත් මන් මගේ බිරිද වෙනුවෙන් මෙම පිළිමය හැදුවේ මමම දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින්. මගේ බිරිඳ මාව ආරක්ෂා කරගෙන මට සහය වුනේ නැත්තන් කෙසේවත් මට මේ තත්වෙට එන්න බැහැ.

ඉතින් ඒ නිසාම මට දෙන්න පුළුවන් හැමදේම මම ඇයට දෙනවා. මම ඒ කෘත ගුණ හැමදාම සලකනවා කියලයි ආචාර්ය පබිලිස් සිල්වා මහතා ඔහුගේ බිරිඳ වෙනුවෙන් කල මේ ලෝකේ කවුරුත් නොකරපු දේවල් ගැන සංවේදීව පවසා තිබූ සටහන. ඉතින් ඔහුට ඔහුගේ බිරිඳ වෙනුවෙන් අදටත් තිබෙන සෙනෙහස අමුතුවෙන් කියන්නට වචන අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් පබිලිස් සිල්වා මහත්මයාට සහ ඔහුගේ ආදරණීය බිරිඳටත් නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.