Life Story

නිර්වාන් අයියගෙයි කේසර පැටියගෙයි ආදරේ පිරුණු නාමල්ගෙයි රෝහිතගෙයි පවුල් දෙකේ අලුත්ම ඡායාරූප පෙළ

රාජපක්ෂ පවුල කියලා කියන්නේ අපේ රටේ කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් පවුලක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම අපේ රටේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියලා කියන්නේත් නිතරම කාගේත් කතා බහට ලක්වෙන දක්ෂ දේශපාලඥ වරයෙක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. දේශපාලන භූමිකාවේ කාගේත් ගෞරවයට පාත්‍ර වන එතුමාණන් මේ වනවිට ආදරණීය පියෙක්ද වනවා. ඉතින් ඒ වගේම තමයි එතුමන්ගේ ආදරණීය බිරිඳ ලිම්ලි රාජපක්ෂ මැතිනිය වගේම පුංචි කේසර පුතු පැටියා ගැනත් මේ වනවිට නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් නාමල් රාජපක්ෂ මහතා ගැන මෙන්ම ආදරණීය පුළුන් බෝලයක් වගේ ඉන්න පුතු පැටියා ගැනත් බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වෙනවා. පුංචි කෙසර පුතත් එක්ක ආදරෙන් සතුටෙන් ගත කරන කාලය ගැනත් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙනවා.

ඉතින් ඒ විතරක්ම නෙමෙයි. තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන දේශපාලඥවරයෙක් විදිහටත් නාමල් රාජපක්ෂ මහතාව හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජ ජාලා මාධ්‍ය තුල වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සිටින දේශපාලඥවරයන් අතර එතුමන්ට ඉහල ස්ථානයක් හිමි වෙනවා. ඉතින් ඒ වගේම නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සහෝදරයා වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බාල පුතු රෝහිත රාජපක්ෂ කියලා කියන්නෙත් කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන චරිතයක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්.

ඒ වගේම තමයි ගායන ශිල්පියෙක් විදිහටත් ඔහු මේ වනවිට කා අතරත් ජනප්‍රියයි. ඉතින් රෝහිත රාජපක්ෂ පහුගිය දවසක ඔහුගේ නවතම ගීතයක් එළිදැක්වීම සිදු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ආශාවේ නමින් තමයි ඔහු මේ ගීතය එළිදැක්වීම සිදු කරලා තිබුනේ. ඒ වගේම රෝහිත රාජපක්ෂ වගේම ටට්යානා රාජපක්ෂ කියලා කියන්නේ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන කාගේත් කතා බහට ලක්වෙන ආදරණීය යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ මහින්ද රාජපක්ෂ පවුලේ කාගේත් ආදරය දිනාගෙන ඉන්න රෝහිත රාජපක්ෂගේ ආදරණීය කැදැල්ලේ සියලුම දෙනා නාමල් රාජපක්ෂගේ ආදරණීය පවුලත් එක්ක එකට ඉන්න නිර්වාන් අයියගෙයි කේසර පුතාගෙයි ආදරේ උතුරායන ඡායාරූප කිහිපයක් අපට දකින්න ලැබුණා. ඉතින් එම ඡායාරූප කිහිපය තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒත් එක්කම මේ ආදරණීය පවුල් දෙකටම හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.