Life Story

නාවික හමුදාව නියෝජනය කරමින් රග්බි ක්‍රීඩා කල රෝහිත රාජපක්ෂ ක්‍රිකට් පිටියට පිවිසෙයි

අපේ රටේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බාල පුතු රෝහිත රාජපක්ෂ කියලා කියන්නේ කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන චරිතයක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගායන ශිල්පියෙක් විදිහටත් ඔහු මේ වනවිට කා අතරත් ජනප්‍රියයි. ඉතින් රෝහිත රාජපක්ෂ පහුගිය දවසක ඔහුගේ නවතම ගීතයක් එළිදැක්වීම සිදු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ආශාවේ නමින් තමයි ඔහු මේ ගීතය එළිදැක්වීම සිදු කරලා තිබුනේ. ඒ වගේම රෝහිත රාජපක්ෂ වගේම ටට්යානා රාජපක්ෂ කියලා කියන්නේ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන කාගේත් කතා බහට ලක්වෙන ආදරණීය යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ මහින්ද රාජපක්ෂ පවුලේ කාගේත් ආදරය දිනාගෙන ඉන්න රෝහිත රාජපක්ෂ එහෙමත් නැත්තන් චිචී පහුගිය කාලේ දෙවන වරටත් පිය පදවිය ලබපු පුවත මේ වනවිට නොදන්නා කෙනෙක් නැහැ. ඒ රෝහිත රාජපක්ෂගේ ආදරණීය බිරිඳ ටට්යානා සිගිති දියණියක් පසුගිය දිනයක මෙලොවට බිහි කිරීමත් සමඟයි.

කොහොම නමුත් ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිත අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියට සහභාගි වීමේ අරමුණ ඇතිව රෝහිත රාජපක්ෂ බදුරලිය ක්‍රිකට් සමාජයේ ක්‍රීඩකයින් හා එක්ව පුහුණුවීම් කරන බව අපට දැනගන්නට ලැබුණා. ඉතින් මෙලෙස පුහුණුවීම් ඊයේත් අදත් මග්ගොන සරේ විලේජ් ක්‍රිඩාංගණයේදී සිදුකරලා තිබුණා. ඉතින් ඒ වගේම රෝහිත රාජපක්ෂ කියලා කියන්නේ හිටපු රග්බි ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අන්තර් සමාජ පළමු පෙළ රග්බි තරගාවලියට සහභාගි වී ඇති රෝහිත රාජපක්ෂ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. බදුරළිය ක්‍රිකට් සමාජයේ පුහුණුකරුවා මෙන්ම ක්‍රිඩකයකුද වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිඩක ජීවන් මෙන්ඩිස් විසින් රෝහිත රාජපක්ෂව බදුරළිය ක්‍රිකට් සමාජයට කැඳවාගෙන ගොස් ඇතැයි අපට දැනගන්නට ලැබුණා. ජීවන් මෙන්ඩිස්ද ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

Leave a Comment