Life Story

නත්තල් එනකම් බලන් ඉන්න අපි වගේ තව අය ඉන්නවා ද?-නත්තල ළඟ බව සාරංග ලෝකෙටම මතක් කරයි

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන ඉතාම ජනප්‍රිය අපේ රටේ කවුරුත් ආදරය කරන ආදරණීය කළා යුවලක් තමයි සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය පුංචි කැදැල්ලට පහුගිය කාලයේ කිරිසිනහවත් අරගෙන පුංචිම පුංචි දියණියක් එකතු වුණා කියන්න මේ වනවිට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් අලුත උපන් පුංචි සිඟිති දියණියත් එක්ක මේ දවස් වල මේ ආදරණීය යුවල ඉතාමත් සුන්දර ජීවිතයක් ආදරෙන් සතුටෙන් ගතකරන බවක් තමයි අපිටනම් දකින්න ලැබෙන්නේ.

ඉතින් මේ ආදරණීය පුංචි කැදැල්ල ගැන සමාජ මාධ්‍ය තුලින් මෙන්ම නිතරම කාගේත් කතා බහට ලක්වෙනවා අපිට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් සාරංග සහ දිනක්ෂිනම් කියන්නේ මේක මේ දෙන්නටම අලුත්ම අත්දැකීමක් කියලයි. ඉතින් තාම මේ අලුත් අත්දැකීමට හුරුවෙමින් ඉන්න නිසා තවත් කෙනෙක් ආදරෙන් බලාගන්න තියනවා කියලා දැනෙද්දී වගේම එයාගේ වගකීම් බාර ගන්න ඕනේ කියලා හිතෙද්දි ජීවිතය පිළිබඳව අමුතු හැඟීමක් දැනෙනවා කියලයි සාරංග පවසන්නේ.

ඉතින් ඒ වගේම කලාවට සම්බන්ධ පවුල්වලින් පැවත එන ආදරණීය යුවලක් විදිහටත් මේ කළා යුවල හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම රංගනයට අමතරව නිවේදනය, ගායනය, නර්තනය, නිරූපනය වැනි විවිධ ක්ෂේත්‍රයන් රැසකින්ම මේ ආදරණීය යුවල එක හා සමානව දස්කම් දක්වනවා.

ඉතින් ඒ වගේම ළඟ එන නත්තලට මේ ආදරණීය යුවල දැන් ඉදන්ම ලෑස්ති වෙන බවක් තමයි අපිටනම් දකින්න ලැබෙන්නේ. ඉතින් නත්තල එනකන් ආසාවෙන් මඟ බලන් ඉන්න දිනක්ෂි සහ සාරංග ඔවුන්ගේ අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මෙම ඡායාරූප එකතු කරමින් සාරංග පවසලා තිබුනේ නත්තල් එනකම් මග බලන් ඉන්න අපි වගේ තව කට්ටිය ඉන්නවා ද? කියලයි.

ඉතින් මේ කිරි සිනහවෙන් හැඩ වුනු ආදරණීය පුංචි කැදැල්ලට අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.