Life Story

දෙවෙනි ඉනිමේ ලිහිනි ලෙසින් රටේම ආදරය දිනූ ජනප්‍රිය නිලි ශලිනි ප්‍රනාන්දු සුන්දර උඩරට මනාලියක් වෙයි

අපේ රටේ කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන සුන්දර නවක රංගන ශිල්පිනියක් තමයි ශලිනි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ලිහිනිගේ චරිතයට රංගනයෙන් දායක වෙමින් අපේ රටේ ඉහල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් ඇය පහුගිය දවස් වල ලොක්කි ලෙසින්ද අපේ රටේ කාගේත් කතා බහට ලක්වුණා. ඉතින් ඒ දෙරණ නාලිකාවේම විකාශනය වූ ලොක්කි ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට ඇය ලොක්කි ලෙසින් රංගනයෙන් දායකත්වය සැපයීම නිසයි. කොහොම නමුත් ඇය දැන් කළා ක්ෂේත්‍රයට එකතුවෙලා අවුරුදු හතරක් පමණ වනවා. ශලිනි ඉපදිලා තියෙන්නේ 1999 සැප්තැම්බර් 11වෙනිදා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියට දැන් වයස අවුරුදු විසි තුනයි. ඉතින් ඒ වගේම ශලිනි මේ වෙද්දී ජීවත් වෙන්නේ මීගමුව නගරයේ. ඇය පාසල් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ මීගමුව ශාන්ත නිකොලා ඡාත්‍යන්තර පාසලෙන්. ශලිනි උසස් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ වාණිජ විෂය දාරවෙන්. දැන්නම් ඇය මෝස්‌තර නිර්මාණ කරණය හදාරනවා කියලා තමයි අපටනම් ආරංචි උනේ.

කොහොම නමුත් සමාජයේ කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක උඩරට මනාලියක්ව සැරසිලා අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ අවස්ථාවේදී ශලිනිගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වන ආකාරයට අපූරු ඡායාරූප පෙළක් මේ විදිහට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන සුදීර සංජය ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් කවුරුත් මේ තාක් දැකලා තිබුනේ නැති මේ සුන්දර නිහතමානී රංගන ශිල්පිනියගේ මේ අපූරු ෆොටෝ ශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්නට හිතුවේ.