Life Story

දුව විවාහ වෙලා ගියාම මමත් විවාහයක් කර ගන්නවා-ජනප්‍රිය ප්‍රවීණ නිලි නිල්මිණී තෙන්නකෝන්

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න කවුරුත් ආදරය කරන සුන්දර ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ආදරණීය සුන්දර දුවක් එක්ක කාලය ගත කරන ඇය ගැන බොහෝ දෙනෙක් අතරේ නිතරම කතා බහට ලක්වෙනවා අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පහුගිය දවසක අපේ රටේ ජනප්‍රිය නිවේදක ශිල්පියෙක් වන ලහිරු මුදලිගේගේ හරි ටීවී යූ ටියුබ් නාලිකාවත් එක්ක එකතු වෙමින් ඇයගේ ජීවිතේ සොඳුරු මතකයන් ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඒත් එක්කම තමයි මේ කතා බහේදී ඇය වැඩිපුරම ඇයගේ ආදරණීය දුව ස්වේතා ගැන තමයි කතා කරලා තිබුනේ. ඉතින් ආදරණීය දුවත් එක්ක ඇය ළඟදීම විදෙස් ගත වීමට සුදානම් වෙලා ඉන්න බවත් ඇය මෙහිදී පැවසුවා. ඉතින් ඒ ස්වේතාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනුයි. ඒත් එක්කම මේ වනවිටත් ඇය පිටරට කැම්පස් එකක අධ්‍යාපනය හදාරමින්ලු ඉන්නේ. ඉතින් ඒ වගේම ඇය වෛද්‍ය අංශයෙන් තමයි උසස් අධ්‍යාපනය හදාරන්නේ.

ඒත් එක්කම තමයි ඇය ඉතාම බැතිබරව පවසලා තිබුනේ ඇය හැම දිනකම බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාව සිදුකරන බවයි. ඇය ගෙදර හිටියත් නැතත් දවල්ට බුද්ධ පූජාව තියන කටයුතු නිවසේ අනිවාර්යයෙන්ම සිදුවෙනවලු. ඉතින් ඒ වගේම ඇයගේ ආදරණීය දුව ස්වේතා කවදාවත් කිසිම කෙනෙකුට ඇයගේ මව ජනප්‍රිය කෙනෙක් කියලා ඇය කියන්න කැමති නැල්ලූ. මොකද අම්මගේ ජනප්‍රියත්වයත් එක්ක ඇයගේ වැඩ කටයුතු සිදු වෙනවට ස්වේතා කැමති නැහැ කියලයි ඇය කියන්නේ. ඇයට අවශ්‍ය ඇයගේ වැඩ කටයුතු ටික පිළිවෙලකට සාර්ථකව කරගන්න විතරයිලු. ඉතින් ඒ නිසාම ඇයගේ මව ජනප්‍රිය කෙනෙක් කියලා ඇය කාටවත් මේ වෙනකන්ම කියලා නැහැ කියලයි නිල්මිණී නම් පවසන්නේ. ඉතින් ඒ වගේම නිල්මිණී සිනා මුසු මුහුණින් පවසලා තිබුනේ කවදා හරි දුව විවාහ වෙලා ගියාම ඇයත් විවාහයක් කරගන්නවා කියලයි. මොකටද තනියෙන් ජීවත් වෙන්නේ කියලයි ඇය ඒ අවස්ථාවේ සිනා මුසු මුහුණින් පැවසුවේ. ඉතින් ඒ වගේම ජීවිතේ හැම අම්මා කෙනෙකුටම කවදා හරි දවසක තමන්ගේ දුව වෙන කෙනෙකුට දෙන්න වෙනවා කියලයි. ඒ හැමදේම අනිත්‍යයි. ඉතින් ඒ අනිත්‍යතාවය ගැන හිතලා හිත හදා ගන්නවා කියලයි ඇය සංවේදී වෙමින් අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment