Life Story

තව ටික කාලෙකින් මම බඳිනවා, මගේ ආදර කතාවට දැන් අවුරුදු 6ක් වෙනවා-සුරූපී නිලි ඩිස්නි රාජපක්ෂ

ඩිස්නි රාජපක්ෂ කියලා කියන්නේ මේ දිනවල අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය චරිතයක්. අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඩිස්නි රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම රංගනයට මෙන්ම නර්තනයටත් ඇයගේ ඇති හැකියාව මේ වනවිට ඇය ලෝකයටම ඔප්පු කර අවසානයි. ඒ ඇය මෙවර හිරු මෙගා ස්ටාර් කිරුල හිමිකරගත් නිසයි. කොහොම නමුත් ඇය දැන් රංගන ක්ෂේත්‍රයට පිවිසිලානම් සෑහෙන කාලයක් වෙනවා. ඉතින් ඒ වගේම ඇය මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවකම කැපී පෙනෙන තරුවක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම නර්තනයට බෙහෙවින් දක්ෂකම් දක්වන ඩිස්නි හිරු මෙගා ස්ටාර් තරඟයට ඉදිරිපත් වී ජයග්‍රහණය කලේ ඒ බව තව තවත් ඔප්පු කරමින්. ඉතින් ඒ වගේම ඇයට මේ තරගයේදී හමුවූ සහකාරයද අති විශිෂ්ට නර්තන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. ඉතින් එම නිසා ඔවුන් දෙදෙනාට ජයග්‍රහණය කිරීමට ඉතාමත් පහසු වෙන්න ඇති. ඩිස්නි මේ වනවිට කොලඹ නගරයේ ජීවත් වුවත් ඇයගේ ගම තමයි කුරුණෑගල. ඉතින් ඇය හිරු මෙගා ස්ටාර් කිරුල දිනා ගැනීමෙන් පස්සේ සිය ගමට ගියේ රථ පෙළපාලියකුත් සමඟිනුයි. ඉතින් ඒ හරහා ඇයට තවත් අති විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක්ද දිනාගැනීමට හැකියාව ලැබුණා.

ඉතින් ඒ වගේම මේ වනවිට නිර්මාණ කිහිපයකින්ම රංගනයට දායක වී තිබෙන ඇය තවමත් උසස් අධ්‍යාපනය හදාරනවා කියලත් බොහෝ දෙනෙක් නොදන්නවා ඇති. ඉතින් ඒ වගේම මේ කළා කාරිනිය රංගනයට, නර්තනයට වගේම ගායනයටත් සුවුශේෂී දක්ෂතා දක්වන චරිතයක්. ඉතින් ඒ වගේම ඇයට මේ වනවිට පෙම්වතෙක් ඉන්න බව ඇය පවසනවා. ඒ වගේම මෙම ආදර සම්බන්ධයට දැන් අවුරුදු හයක් වන බවත් ඇය පවසනවා. කොහොම නමුත් උසස් අධ්‍යාපන කටයුතු ඉවර වුනු පසු රංගනයේ තව ටික කාලයක් ඉදලා ඊට පස්සේ විවාහ වන බව තමයි ඇය පවසන්නේ. ඉතින් මේ අති දක්ෂ කලාකාරිනියගේ බලාපොරොත්තු එලෙසෙම ඉටු වෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.