Life Story

තරුණයෙකුට හයියක් වූ නිහතමානී ප්‍රවීණ ගායිකා නිරෝෂා විරාජිනී හැමෝම සංවේදී කරමින් කියූ කතාව

අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන අපූරු සුන්දර කටහඩකට හිමිකම් කියන කවුරුත් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පිනීයක් තමයි නිරෝෂා විරාජිනී කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ගායනයෙන් දක්ෂතා දක්වන නවක ගායක ගායිකාවන්ට ඇය ඇත්ත වශයෙන්ම ලබාදෙන සහයෝගය වචනයෙන් කියන්නට බැහැ.

මේ දවස්වල හිරු රූපවාහිනී නාලිකාවේ සෙනසුරාදා සහ ඉරිදා විකාශනය වන හිරු ස්ටාර් වේදිකාවේ විනිශ්චය මණ්ඩලයේ විනිසුරුකාර වරියක් හැටියටත් ඇයව දැකගන්න ලැබෙනවා. ඉතින් පහුගිය දවසක ඇය විතරක් නෙමෙයි, මුළු මහත් හිරු ස්ටාර් ප්‍රේක්ෂකයින් සියල්ලම සංවේදී වූ බොහොමත්ම සංවේදී සිද්දියක් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ විදිහට දැකගන්න ලැබුනේ පහුගිය තරඟ වටයේදී පොළොන්නරුව ප්‍රදේශයෙන් මෙම තරඟයට සම්බන්ධ වුනු කාවින්ද මදුෂාන් කියන තරුණයාගේ ගීතයත් එක්ක ඇය සංවේදී වෙලා ඔහු ගැන ඇය මෙන්න මේ විදිහටයි ඇස් වල කඳුළු පුරවාගෙන පැවසුවේ.

මම හිරු ස්ටාර් කාටවත්ම මේ කතාව කලින් කිවුවේ නැහැ. මම කාවින්දව පොළොන්නරුවේ දී දකින්නේ අහම්බෙන්. මගේ යාලුවෙක් හරහා. එයා කියනවා මෙහෙම ළමයෙක් ඉන්නවා, මෙයාට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා මගේ යාළුවා මට මොහුව හඳුන්වලා දුන්නා. ඒ වෙලාවේ ඔහු අපි ඉදිරියේ ගීත කිහිපයක් ගායනා කළා. ඉතින් ඒක මම රෙකොර්ඩ් කර ගත්තා. ඒ ගායනය මට ඒ තරම්ම දැනුනා. මම ඔහුටත් හොරෙන් ඒ වීඩියෝ එක හිරු ස්ටාර් ඔන්ලයින් ඔඩිෂන් එකට දැම්මා. නමුත් ඒක මම කාටවත්ම කිවුවේ නැහැ.

හේතුව එදා ඔහු හොදට ගායනා කලාට වේදිකාවේ සජීවීව ගායනා කරන්න පුළුවන් වෙයිද කියලා ඇත්තටම මන් දන්නේ නැති නිසා. මම ඔහුගේ පටිගත කිරීමක් දැකලා නැති නිසා. නමුත් ඔහු අද හොඳට ගායනා කළා. ඇත්තටම දක්ෂයෙකුට එහෙම උදව් කරන්න ලැබුන එක ගැන මට ගොඩක් ආඩම්බරයි කියලයි නිරෝෂා විරාජිනී අපේ ප්‍රවීණ ගායන ශිල්පිනිය බොහොම සංවේදී වෙමින් පැවසුවේ.

ඉතින් මේ විදිහට 92%ක ප්‍රතිශතයක් අරගෙන තරඟය ජයග්‍රහණය කරපු කාවින්ද මදුෂාන්ට ඔහුගේ ඉදිරි ගායන ජීවිතය සාර්ථක කරගන්න වාසනාව ලැබෙන්න කියලා අපිත් ඔහුට හදවතින්ම සුබ පැතුම් එකතු කරමු.