Life Story

ජනප්‍රිය සුරූපී නිලි සංජානා ගමආරච්චි කාටත් ආදර්ශයක් ලබාදෙමින් 25වන උපන්දිනය සමරුවේ මෙහෙමයි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි සංජානා ඔනාලි ගමආරච්චි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය වර්තමානය වන විට අපේ රටේ ඉතාම ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්, හඬ කැවීම් ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. මේ දිනවල අපට ඇයව හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය හරහා වගේම පසුගිය සතියේ සිට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මෙට්‍රෝ හීන ටෙලිනාට්‍යයේ රයිලිගේ චරිතය දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ වනවිට පුංචි තිරය ඔස්සේ ටෙලිනාට්‍ය රැසකට රංගන දායකත්වය ලබා දීලා තියන ඇය ජීවිතය ඇති තුරා, මුතුලෙන්දොර, බ්‍රෝ, අග්නි පියාපත් වැනි ටෙලිනාට්‍ය රැසක් හරහාම අපට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් මේ සුන්දර රංගන ශිල්පිනියගේ 25වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය කාටත් ආදර්ශයක් ලබා දෙමින් බොහොම උතුම් පිංකමක් සිදු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ තමයි මහරගම අපේක්ශා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුංචි පැටව් වෙනුවෙන් Highland සහ පැලවත්ත කිරි පිටි පරිත්‍යාග කරලා තිබුණා. ඉතින් ඒ බව සඳහන් කරමින් ඇය ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මගේ 25 වෙනි ජන්ම දිනය වෙනුවෙන් ගිය වර වගේම මෙවරත් මහරගම අපේක්ශා රෝහලේ ප්‍රතිකාර ලබන සිගිති පැටව් වෙනුවෙන් Highland සහ පැලවත්ත කිරි පිටි පරිත්‍යාග කරනු ලැබුවා යනුවෙනි.

ඉතින් මේ කාටත් ආදර්ශයක් ලබා දෙමින් උපන්දිනය සමරපු ජනප්‍රිය සුරූපී නිලි සංජානා ගමආරච්චිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබපතන ගමන් මින් ඉදිරියටත් මෙවැනි උතුම් සත්ක්‍රියාවන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.