Life Story

ජනප්‍රිය සුරූපී නිලි ගයත්‍රී ඩයස් රංගනයයි ලංකාවයි දෙකම අතහැර කැනඩාවේ පදිංචි වෙයි

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ඉතාම ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ඇය කාලෙන් කාලෙට ප්‍රේක්ෂකයන් හමුවට එනවා. ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියන බවනම් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසාම ඇය අන්තර්ජාලයේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි අපේ රටේ සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වන සුන්දර ප්‍රවීණ කලා ශිල්පිනියක් වන ගයත්‍රී ඩයස්. කොහොම නමුත් ඇයට පිස්සුවෙන් වගේ ආදරය කරන රසික පිරසකුත් අපේ රටේ ඉන්නවා. ඒ නිසාම ඇයට නිතරම සමාජජාල මාධ්‍ය තුලින් රසිකයින්ගේ ප්‍රතිචාර අඩු නැතුව ලැබෙනවා. ඉතින් සමාජජාල මාධ්‍ය තුලින් නිතරම වගේ කතාබහට ලක්වෙන මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක ලංකාව අත හැරලා විදෙස් ගත වෙලා තියෙනවා.

මීට දින කිහිපයකට පෙර ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් නික්ම ගොස් තිබෙනවා. ඉතින් එලෙස ලංකාව අතහැරලා ඇය ගිහින් තියෙන්නේ කැනඩාවට කියලයි අපටනම් දැන ගන්න ලැබුනේ. ඉතින් දැන් ඇය කැනඩාවේ දිවි ගෙවන බව තමයි ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම බලද්දී අපටනම් හැගී යන්නේ. ඉතින් ඇය කැනඩාවේ විවිධ සුන්දර තැන්වල ඡායාරූපද ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතුකරලා තියෙනවා. කොහොම නමුත් ඇය කොයි කවදා නැවත අපේ රටේ ආපහු එයිද කියලා අපිනම් දන්නේ නැහැ. හැබැයි ඉතින් ඇය නැති අඩුව අපේ රටේ රංගන ක්ෂේත්‍රයට තදින්ම දැනෙන බවනම් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.