Life Story

ජනප්‍රිය නිළි ධනංජි තාරුකාගේ සැමියා සමගින් නයෝමි තක්ෂිලා කරපු අලුත්ම වෙඩින් ෆොටෝශූට් එක

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කවුරුත් ආදරය කරන වේදිකාව තුළින් රංගනයට පිවිසුනු දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරය හරහා රන්තිලි වැව ටෙලි නාට්‍යයේ මුතු මැණිකේ ලෙසත්, නීල පබළු ටෙලිනාට්‍යයේ පූජා ලෙසත් ප්‍රේක්ෂකයින් අතරට පැමිණි ඇයව මේ දිනවල අඳුන්ගිර ටෙලි නාට්‍ය හරහාත් දැකගන්න ලැබෙනවා. කොහොම නමුත් මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක ෂැගි වීරනායක කියන කඩවසම් තරුණයත් එක්ක එකතු වෙලා බොහොම අපූරු ලස්සන වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් ෂැගි වීරනායක කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන සුරූපී නිලි ධනංජි තාරුකාගේ ආදරණිය සැමියයි. ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා වගේම ව්‍යාපාර කටයුතුත් කිහිපයක්ම කරන කෙනෙක්. ඉතින් ඔහුත් එක්ක එකතුවෙලා ජනප්‍රිය නිලි නයෝමි තක්ෂිලා කරපු අලුත්ම අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාවේ මේ දෙන්නව මේ තරම් ලස්සනට ප්‍රේමනීයව පෙනෙන අයුරින් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න Clickshot photography ආයතනයේ දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන දුෂාන් ඉලංගකෝන් ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති නයෝමි තක්ෂිලා සහ ෂැගි වීරනායක එකතු වෙලා කරපු ප්‍රේමනීය වෙඩින් ෆොටෝ ශුට් එකේ සුන්දර ඡායාරූප පෙළ නරඹන ගමන් මේ දෙදෙනාගේම ඉදිරි වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.