Life Story

ජනප්‍රිය නිලි මහේෂි මධුසංකා ආදරණීය සැමියයි පුංචි පැටව් දෙන්නයි එක්ක කරපු අලුත්ම ලස්සන ෆොටෝශූට් එක

මහේෂි මධුසංකා කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම කාගේත් ආදරය දිනාගෙන ඉන්න මහේෂි කාලෙකට පස්සේ ආපහු වතාවක් පුංචි තිරයේ අපිට දැකගන්න ලැබෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුනු ඇය කියන ටෙලිනාට්‍ය හරහායි. ඉතින් ඒ වගේම මේ සුන්දර රංගන ශිල්පිනිය මේ වනවිට ආදරණීය පුංචි පැටව් දෙන්නෙකුගේ සෙනෙහෙබර අම්මා කෙනෙක්. කොහොම නමුත් ඇය දැන් ගෙවන ජීවිතේ ගැන ඇයට දැනෙන විදිහ අපිට කිවුවේ මෙන්න මේ විදිහටයි. දැන් නම් මගේ ජීවිතේ අංගසම්පූර්ණයි කියලා දැනෙනවා. ඒකට හේතුව තෙනුලි සහ තෙනෝල් මගේ දරුවෝ දෙන්නා නිසයි. සැමියාගේ රැකියාව එක්ක එයා සෑහෙන්න කාර්යබහුලයි. ඒත් ගෙදර ආවාම ගෙදර ඔක්කොම වැඩවලට වගේම මගේ වැඩවලටත් එයා හරියට උදව් කරනවා. ස්වාමිපුරුෂයා කියනවාට වඩා එයා මගේ හොඳම යාළුවෙක් වගේ කියලා කියන්න පුළුවන්. මම ගෙදර ගොඩක්ම පොඩි අය එක්ක තමයි කාලය ගත කරන්නේ. ඊට අමතරව පොඩි පොඩි වැඩසටහන්වලට යනවා. දැන් තියන වසංගත තත්වය නිසා වැඩි හරියක්ම ගෙදර ඉන්නේ. මේ ලෝකෙටම නරක කාලයක් වුනත් පවුල එකතු වීමට හොඳම කාලයක්. දැන් අපිට වෙනදාට වඩා පවුලේ සාමාජිකයින් එක්ක ඉන්න කාලය ලැබිලා.

තරගකාරී සමාජයක අපි හැමෝම හිටියේ. ඒත් අද ඊට වඩා පවුල හා බැඳීම වැඩි වෙලා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම මේ ආදරණීය කැදැල්ලේ හැමෝම එකතුවෙලා පහුගිය දවසක ආදරණීය සුන්දර ෆොටෝශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාවේ මොවුන්ව මේ තරම් ලස්සනට කැමර කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න ඡායාරූපකරන ආයතනයක් වන ඩාර්ක් රූම් ආයතනය විසිනුයි. ඉතින් මේ තාක් කවුරුත් දැකලා තිබුනේ නැති මේ ආදරණීය කැදැල්ලේ අලුත්ම ෆොටෝශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඒත් එක්කම් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Comment