Life Story

ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධන හුරතල් මෞර්යා දෝණිත් එක්ක කරපු අලුත්ම ආදරණීය ෆොටෝශූට් එක

අපේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න කවුරුත් ආදරය කරන ආදරණීය ආදර්ශවත් කලා ශිල්පීන් යුවලක් තමයි ධනංජය සිරිවර්ධන වගේම ශෂිනි සිරිවර්ධන කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක් විදිහටත් ධනංජය සිරිවර්ධන හදුන්වලා දෙන්න පුළුවන්. සමාජ මාධ්‍ය තුල කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන ඔහු මේ වනවිට ආදරණීය සැමියෙක් වගේම පියෙක්ද වනවා.

ඉතින් මේ සොදුරු කලාකරුවන් දෙදෙනා පහුගිය කාලයේ හා හා පුරා කියලා උතුම් මව් පිය පදවිය ලැබුවේ පුංචිම පුංචි හුරතල් දෝණියක් මෙලොවට බිහි කරමින්. ඉතින් පුංචි මෞර්යා දෝනිගේ කිරි සිනහවෙන් හැඩවුණු ධනංජය සිරිවර්ධනගේ ආදරණීය පුංචි කැදැල්ල ගැන අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම තමයි අපි නිරන්තරයෙන්ම ඔහුගේ ආදරණීය පුංචි කැදැල්ල ගැන රස බර පුවත් ඔබ වෙත අරන් එනවත් ඔබට මතක ඇති. ඉතින් ඒ වගේම පුංචි මෞර්යා දෝනි ගැනත් අපි නිරන්තරයෙන්ම ඔබ වෙත තොරතුරු අරගෙන එනවා.

කොහොම නමුත් මේ ආදරණිය පුංචි කැදැල්ලේ හැමෝම එකතුවෙලා පහුගිය දවසක බොහොම අපූරු ආදරණීය ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපුරු අවස්ථාවේ ඔවුන්ව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙළ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන චමිත් ශා ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඉතින් මේ කවුරුත් ආදරය කරන පුංචි මෞර්යා දෝනිගෙන් හැඩවුණු ධනංජය සිරිවර්ධනගේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය කැදැල්ලේ අලුත්ම සුන්දර ෆොටෝ ශූට් එක තමයි අපි මේ විදිහට අරගෙන එන්නට හිතුවේ.