Life Story

චූටි දුවෙකුත් ඉන්න ජනප්‍රිය නිලි ඉෂාරා සදමිණීගේ ආදරණීය සුන්දර කැදැල්ලේ අලුත්ම ඡායාරූප පෙළ

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුන්දර රංගන ශිල්පිනියක් මෙන්ම ආදර්ශමත් නිරූපණ ශිල්පිනියක් තමයි ඉෂාරා සදමිණී කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරියක් වන ඉෂාරා පහුගිය කාලයේ විවාහක ලක් රූ රැජිණ තරඟයේ දෙවෙනිස්ථානය හිමි කර ගැනීමටද සමත් වුණා. ඒ වගේම දැන් ඇය හුරතල් සිගිති දියණියක් සිටින ආදරණීය මවක්ද වනවා.

ඉතින් ඒ වගේම ඇය අනුර පතිරණ අපේ ආදරණීය රංගන ශිල්පියාගේ සෙනෙහෙබර බිරිඳත් බවත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඉෂාර සහ අනුරගේ කැදැල්ල ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හැමදාමත් ආදරෙන් පිරුණු මේ කැදැල්ලේ ඔවුන්ගේ හයවෙනි විවාහ සංවත්සරයත් පහුගිය දවසක සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම ඉෂාරා අනුර දේපල කළා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන ආදර්ශමත් රංගන ශිල්පීන් දේපලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ බොහෝ රසික පිරිසක් ආදරය කරන මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක චුටි දොනිවයි ආදරණීය සැමියාවයි එකතු කරගෙන අපූරු සුන්දර ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් මේ කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ජනප්‍රිය රංගන ශිල්පිනී ඉෂාරා සදමිණි ආදරණීය කැදැල්ලේ හැමෝමත් එකතු කරගෙන කරපු අපූරු ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් මේ ආදරණීය කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.