Life Story

කොරෝනා නිසා චූටි දූත් එක්කත් වැඩිපුර කාලයක් ඉන්න ලැබුණා-සංගීතේ ටෙලිනාට්‍යයේ නිශානි ටීචර්

සංගීතේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරය දිනාගත් සුන්දර රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් තමයි හංසනී විමලසිරි කියලා කියන්නේ. සංගීතේ ටෙලිනාට්‍යයේ නිශානි ටීචර්ගේ චරිතය හරහා ඇය කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වුණා. ඒ වගේම තමයි පහුගිය කාලයේ ඇය හා හා පුරා කියලා උතුම් මව් පදවියත් ලැබුවා. දියණියගේ හුරතල මැද හංසිනි සහ නවින් මේ දවස්වල ජීවිතය සතුටින් ගත කරනවා. ගායන තරු දෙකක් ලෙසින් පැමිණ මේ වන විට කළා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන මේ ආදරණීය යුවල පහුගිය දවසක අලුත්ම ගීතයක් එළිදක්වලා තිබුණා.

සුදු දෝනි නමින් එළිදක්වපු මේ ගීතයේ රූපරචනය සඳහා මේ ආදරණීය යුවලගේ පුංචි දූ සිගිත්තවත් එකතු කරගෙන තිබුණා. ඉතින් කාලෙකට පස්සේ මේ සුන්දර රංගන ශිල්පිනිය මේ දවස් වල ඇය පුංචි දෝනිත් එක්ක ගෙවන සුන්දර ජීවිතේ ගැන මෙන්න මේ විදිහටයි ඇය අපට කිවුවේ. කොවිඩ් නිසා ගෙදර ඉන්න නිසා අපි සිංදු හැදුවා. ඒ වගේම කෑම වර්ගත් හැදුවා. වැඩිපුර ගෙදර හිටපු නිසා මියුසික් වලට වැඩි කාලයක් යොදවන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම යූ ටියුබ් එකෙන් බලලා අපි දෙන්නම එකතු වෙලා එක එක විදිහ කෑම හැදුවා.

චූටි දූත් එක්කත් වැඩි පුර කාලයක් සතුටින් ගත කරනවා. මම ෆැෂන් වලට ගොඩක් ආස කරන කෙනෙක්. පහුගිය කාලෙදිනම් ඒ දේවල් වලින් චුට්ටක් ඈත් වෙලා හිටියා චූටි දුව නිසා. දැන් එයාගේ වයස අවුරුද්දයි මාස දෙකයි. එයාව වඩාගෙන යද්දී වුනත් ගැලපෙන ඇඳුමක් අදින්න ඕනේ. හැබැයි මම ගොඩක්ම ෆැෂන් වලට ආස කෙනෙක්. ඒ නිසා මට ගැලපෙන ඇඳුමක්, සපත්තු, කරාබු, ඔරලෝසු වගේ දේවල් පළදින්න මම කැමතියි. මම ඇත්තටම කාටවත් ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව කාගෙවත් ප්‍රශ්න අපේ ජීවිත වලට එකතු කරගන්නේ නැතුව පුළුවන් උපරිමයෙන් අනිකාට උදව් කරමින් සතුටින් ජීවත් වෙන්න තමයි ඇත්තටම කැමති කියලයි ඇය අවසාන වශයෙන් අපට පැවසුවේ.

Leave a Comment