Life Story

කාලයක් නිහඩව සිටි ජනප්‍රිය නිලි උමාලි තිලකරත්න නිහඩියාව බිදිමින් කාලෙකට පස්සේ කියපු කතාව

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය වගේම නර්තනයෙන් හා ගායනයෙනුත් අපේ රටේ කාගේත් ආදරය දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී කළා ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ප්‍රේක්ෂක ආදරය නිරන්තරයෙන් දිනා ගන්න නිහතමානී චරිතයක් විදිහටත් ඇයව හදුන්වන්නට පුළුවන්. ඉතින් ඒ වගේම ඇය ඇයගේ පළමු විවාහයෙන් වෙන් වෙලා මේ වනවිට තනිකඩව දිවි ගෙවන බවත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් ඉතාම හොඳ උසස් අධ්‍යාපනයක් ලබලා හොඳ යහපත් පවුලකින් පැවත එන රංගන ශිල්පිනියක් වන ඇය පසුගිය කාල වකවානු වල උසස් අධ්‍යාපනය සඳහා ජපානයටත් ගිහින් හිටපු බවත් බොහෝ දෙනෙක් දන්නවා.

කොහොම නමුත් මේ සුරූපී දක්ෂ රංගන ශිල්පිනිය පහුගිය දවසක ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට අපූරු සටහනක් එකතු කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

බුදුන් වහන්සේ නින්දා ප්‍රශංසා සහ විවේචන බැහැර කළා වගේම ඉන් කම්පාවට පත් නොවන බව තමයි ඇය මෙහිදී වැඩිදුරටත් පවසලා තිබුනේ. බුදුරජාණන්වහන්සේ ලව්කික අදහස් ප්‍රශංසා විවේචන බැහැර කල සේක. මිනිසුන් එතුමන්ට ප්‍රශංසා කරන විට හෝ විවේචනය කරන විට එතුමන් පිළිගත්තේ එය කුමක්ද යන්නයි.

මේ කාරණා දෙක සරලවම ලව්කික තත්වයන් වන බැවින් එතුමන් ඒවායින් කම්පා වුනේ නැහැ. මොකද එතුමන් දුක කියන දේ දැනගෙන හිටියා. යමෙක් එම ප්‍රශංසාව හෝ විවේචනය විස්වාස කරනවා නම් ඔවුන්ට දුක් විදීමට හේතු වන බව එතුමන් දැන ගෙන හිටියා.

දෛනික ජීවන පුරුදු පිළිබඳව කතා කියලයි ඇය අවසාන වශයෙන් සඳහන් කරලා තිබුනේ.