Life Story

කවුරුත් ආදරය කරන දෙවෙනි ඉනිමේ සහේලි, සුරූපී නිලි එමාෂා සුන්දර උඩරට මනාලියක් වෙයි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියලා කියන්නේ. ජනප්‍රියත්වය කියන දේ එදා මෙන්ම අදත් එක ලෙස පවත්වා ගනිමින් එක රැයකින් දෙස් විදෙස් රසික රසිකාවියන්ගේ ආදරය ගෞරවය ලබන්න තරම් ඇය වසන්වන්ත වුනා කිවුවොත් හරියටම හරි. ඒ විතරක්ම නෙමෙයි දැන් දැන් ඇයට පුංචි තිරයේ විතරක් නෙමෙයි සිනමාවටත් ආරාධනා ගලාගෙන එන්න පටන් අරගෙන. කොහොම නමුත් දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ඇය රංගනයෙන් දායක වන සහේලිගේ චරිතය කියලා කියන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයන් හැමෝම ආදරය කරන චරිතයක්. ඉතින් සහේලිගේ චරිතයට රංගනයෙන් දායක වන ඇය උසස් අධ්‍යාපන සිහිනය ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් ජයගත් අධ්‍යාපනයටත් ඉතාම දක්ෂ කෙනෙක්. එමාෂා NSBM විශ්ව විද්‍යාලය තුලින් අයර්ලන්තයේ යුනිවර්සිටි කොලේජ් ඩබ්ලින් විසින් පිරිනමන ලද බැජල් ඔෆ් සයන්ස් ඉන් මැනේජ්මන්ට් හොනස්ට් ඩිග්‍රි එක සාර්ථකව නිමා කරලා තියනවා. එහිදී එමාෂා එම උපාධිය හොදින් අවසන් කර ප්‍රථම පන්ති සාමාර්ථයක්ද ලබාගෙන තියනවා.

ඒ වගේම එමාෂා දැන් එයාගේ පශ්චාත් උපාධියත් පටන් අරගෙනලු තියෙන්නේ. ඇය පශ්චාත් උපාධිය විදිහට කරන්න තෝරාගෙන තියෙන්නේ ව්‍යාපාර පරිපාලනය කියලයි අපටනම් දැන ගන්න ලැබුනේ. ඒ වගේම එමාෂා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්, සිමා ඉගෙන ගන්නවා කියලත් අපිට දැන ගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ඇය අපේ රටේ සන්නාම තානාපතිවරියක් ලෙසද මේ වෙද්දී කටයුතු කරනවා. ඒ රටේ ප්‍රධාන සන්නාමයන් වන ලියා කොස්මටික්ස් ආයතනය වගේම සික්ස් පැක් ක්ලෝතින් ආයතනය සමඟ එක්වෙමින්. ඉතින් මේ රටක් ආදරය කරන මේ සුරූපී රංගන ශිල්පිනිය පසුගිය දවසක උඩරට මනාලියක්ව සැරසිලා අපූරු සුන්දර ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගේ තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න තිලින බෙන් ඡායාරූපකරන ආයතනය විසින්. ඉතින් පහුගිය දවසක එමාෂා ඉතාමත්ම ලස්සනට උඩරට මනාලියක්ව සැරසිලා කරපු අපූරු ෆොටෝ ශූට් එක සුන්දර ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

18

19

20