Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගෙන් පලවෙනියටම කොල්ලෙක් ඇහුවෙ 10 වසරෙදි, ඒ කාලේ මට කොල්ලො ගැන පිස්සුවක් නෑ

නිරූපන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියට ප්‍රේක්ෂකයා අතරට එන ඇය සුරූපි නිළි යුරේනි නොෂිකා. ඉතින් ඇය ගැන කෙනෙක්ට අමුතුවෙන් හදුන්වා දෙන්නට අවශ්‍ය නෑ. සරාගී ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හරින යුරේනිගේ විලාසිතා වලට ප්‍රේක්ෂකයන්ගෙන් විවිධ චෝදනාවන්ද අහන්නට සිදු වෙනවා.

ඒ කොහොම වුණත් තමන්ගේ කැමැත්ත අනුව විලාසිතා ලස්සනට කරන යුරේනි හිරු නාලිකාවේ මේ දිනවල අපිට දැක ගන්න පුලුවන් නිවේදිකාවක් හැටියට. ඒ ඇය ‘හැපි අවර්’ වැඩ සටහනේ කලා තරු සමග සොදුරු කතා බහක් සිදු කිරීමයි. කොහොම වුනත් ක්ශේෂ්ත්‍රයේ කා සමගත් සුහදව කටයුතු කරන යුරේනි ඇගේ ප්‍රථම ප්‍රේමය ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මගෙන් මුලින්ම කෙනෙක් ආදරේ ඇහුවේ මම 10 වසරෙ ඉන්නකොට. ඒ කාලේ මට කොල්ලො ගැන පිස්සුවක් නෑ. ඒ නිසා මම වැඩිය කැමති නෑ ඒ දේවල් වලට. මම හොස්ටල්නෙ හිටියේ. කොහොමහරි ඒ පිරිමි ළමයා මගෙන් ඉගෙන ගන්නත් ආවා මාව යාලු කරගන්න. කොහොමහරි අපේ ආච්චිලා මට කිව්වා පව් ඒ ළමයා ඒ නිසා කැමතියි කියන්න හැබැයි ඇවිදින්න යන්න එපා ගෙදරට ඇවිත් කතා කරන්න කියලා. ඉතින් මම ඒ ලෙවල් වලට සතියක් තියලා හා කිව්වා.”

මේ විදියටයි නිරූපන ශිල්පිනී යුරේනි නොෂිකා අදහස් දක්වලා තිබුනේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *