මගේ ඇගේ කිසිම දෙයක් තවම හදලා නෑ, හැදුවහම එකින් එක කියන්නම්
පුංචි තිරය, සිනමාව එක ලෙස අතික්‍රමණය කරන්නට සමත් ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී යුරේනි නොෂිකා. ආන්දෝලනාත්මක ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හරින යුරේනිගේ විලාසිතාවන් පිළිබදව ලංකාවේ තරුණයන්ගේ ආකර්ෂණය වැඩිපුර ලැබෙනවා. ඉතින් ඇගේ සහභාගීත්වය ලබා දුන් චිත්‍රපට දෙකක් මේ වන විට සිනමාශාලාවල තිර ගත වෙනවා.

යාලුවෝද යාලුයිද සහ ගජමෑන් කියන ජාතික චිත්‍රපට දෙකටම තම දායකත්වය ලබා දුන් යුරේනි මියුසික් වීඩියෝ හරහාත් ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයක්. ඉතින් රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියටත් ප්‍රේක්ෂක ආලින්දයට එන යුරේනි නොෂිකා හිරු නාලිකාවේ විකාශය වන කවුරුත් ආසාවෙන් නරඹන ‘හැපි අවර්’ වැඩ සටහන නිවේදනය කරන්නේත් ඇය විසින්.
ඉතින් හැමෝම කතා බහ කරන විලාසිතාවන් කරන යුරේනි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ සිරුරේ අවයව ගැන කියලා තිබුණේ මේ විදියටයි.

” මම තවම මගේ ඇගේ කිසිම අවයවයකක් හදලා නෑ. ප්ලාස්ටික් සර්ජරි කරලා නෑ. මේ තියෙන්නෙ මගේ හැම දෙයක්ම ස්වභාවික විදියට හැදුනු ඒවා. මම සර්ජරි කරලා හැදුවම එකින් එක කියන්නම්.”
මේ විදියට යුරේනි ඇගේ සුරූපි බව ප්‍රේක්ෂකයන් හමුවේ කියලා තිබුණේ මේ විදියටයි.