Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මේ නිදහස සීමා කරන කෙනෙක් ජීවිතේට බදින්නෑ, මට ඕන ජොලියේ ඉන්න කෙනෙක්

රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් විදියට ක්ශේෂ්ත්‍රයේ කවුරුත් දන්න කාගේත් ආකර්ෂණයට ලක් වෙන කෙනෙක් තමයි යුරේනි නොෂිකා කියන්නේ. ඇගේ විලාසිතා නිසාම අපේ ප්‍රේක්ෂකයින් ඇය ගැන වැඩිපුර කතා බහ කරන්නේ. ඒ කොහොම වුණත් තමන්ගේ ගමන නිදහසේ ගෙවන කැමති කැමති විලාසිතා කරමින් පාඩුවේ ජීවිතේ ගෙවන යුරේනි මේ දිනවල දැක ගන්න පුලුවන් සිනමා නිර්මාණ දෙකක් හරහා.

කවුරුත් කතා වෙන ගජමෑන් චිත්‍රපටයට දායකත්වය ලබා දීලා තියෙන යුරේනි රංගනයෙන් දායක වෙන ‘යාලුවෝද යාලුයිද’ කියන චිත්‍රපටයටත් ඇය රංගනයෙන් දායක වෙලයි සිටින්නේ. ඉතින් ඒ වගේම යුරේනි නොෂිකා ඉදිරිපත් කරන හිරු නාලිකාවේ විකාශය වෙන ‘හැපි අවර්’ වැඩ සටහන තුළ පැමිණෙන ආරාධිත අමුත්තන්ට නිදහසේ පිළිතුරු දෙන්න ඇය ඉඩ සලසනවා.

ඉතින් ආන්දෝලනාත්මකව විලාසිතා කරන යුරේනි නොෂිකා මේ වෙන විට ක්ශේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 15ක්. ඇය කියන්නේ ජනප්‍රියත්වය අද තිබිලා හෙට නැති වුණත් ප්‍රේක්ෂකයන්ගේ හිතේ ඇය සිටිනවානම් ඒ තමයි ලබපු ලොකුම ජයග්‍රහණය කියලා. ඉතින් තවම සිංගල් ලයිෆ් එකක් ගත කරන යුරේනි බලාපොරොත්තු වෙන අනාගත සහකරුගේ තිබිය යුතු ලක්ෂණ ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මගේ නිදහසට බාධා කරන කෙනෙක්නම් මම ජීවිතේට කසාද බදින්නෑ. මගෙත් එක්ක ජොලියේ මට මේ විදියටම මගේ වැඩ ටික කරගන නිදහසේ ඉන්න පුලුවන් කෙනෙක් හම්බුනොත් කසාද බදිනවා. ඉස්සර මගේ පළවෙනි බෝයිබ්ෆ්‍රෙන්ඩ්ව හම්බ වුණේ ගෙදරමයි. ඒ ආවත් අතින්වත් අල්ලන්න බෑ. දැන් ළමයින්ට ඊට වඩා නිදහස තියෙනවා ආදරේ කරන්න.”

මේ විදියටයි යුරේනි නොෂිකා ඇගේ අදහස් දක්වල තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *