Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගෙ නම යුරේනි නොෂිකා ගුණසේකර වුනාට මාව අසරණ වුනාම බලා ගත්තේ අම්මගෙ පැත්තෙ අය නිසා අග කෑල්ල අයින් කලා

නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන ඇය විටෙක වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඉතින් නර්තනයටත් දක්ෂතා දක්වන ඒ සුරූපිනිය තමයි යුරේනි නොෂිකා කියන්නේ. මේ දිනවල ලංකාවේ කවුරුත් කතා කරන ගජමෑන් චිත්‍රපටය ට චිත්‍රපටයට දායකත්වය ලබා ලබා දීලා තියන යුරේනි පුංචි තිරය හරහා අපිට දැකගන්නට ලැබෙනවා හිරු නාලිකාවේ නාළිකාවේ විකාශය වන හැපි අවර් වැඩසටහන හරහා.

ආන්දෝලනාත්මක ඡායාරූප සමාජගත කරන යුරේනි ගැන සමාජ මාධ්‍ය වැඩිපුර කතා කරන්නට උනන්දු වෙනවා. ඉතින් ඇගේ විලාසිතා වලට සමහරක් දෙනා විවිධ විවේචනයන් එල්ල කලත් ඇය නිදහසේ පාඩුවේ ඇගේ පාඩුවේ ජීවත් වෙනවා. මේ වන විට ඇගේ චිත්‍රපට කිහිපයක්ම සිනමා ශාලාවල තිරගත වෙනවා. යාළුවෝ ද යාලුයිද චිත්‍රපටයටත් ඇය ඇගේ දායකත්වය ලබාදීලා තියෙනවා.

ඉතින් අද වන විට මේ විදියට සැපවත් ජීවිතයක් ගත කලාට යුරේනිගේ අතීතයනම් එතරම් සුන්දර නැහැ. ඉතින් යුරේනි ඇගේ අතීතය ගැන මතක් කරලා තිබුණේ මේ විදියටයි.

” මගේ අම්මයි තාත්තයි රිය අනතුරකින් නැති වෙනකොට අම්මගෙ බඩේ තව ළමයෙක් හිටියා කියලා වෛද්‍ය වාර්තාවල තියෙනවා. එහෙම නොවුනානම් මට අද නංගියෙක් ඉන්නවා. අපේ අම්මා තාත්ත බැදලා තියෙන්නේ යෝජනාවකින්. ඉතින් එයා සතුටින් නෙමෙයි තාත්තා එක්ක ඉදලා තියෙන්නේ. එක අතකට සතුටක් නැත්නම් එහෙම ඉදලා වැඩකුත් නෑනේ.

මගේ නම යුරේනි නොෂිකා ගුණසේකර. ඉතින් මාව අසරණ වුනාම බලා ගත්තේ තාත්තගේ පැත්තෙ අය නෙමෙයි. ඒ නිසා මම ගුණසේකර නම අයින් කරලා තියෙන්නේ. මොකද මම අද තැනක ඉන්නවනේ. එතකොට මගේ ක්‍රෙඩිට් එක තාත්තගේ පැත්තට යනවට මම කැමති නෑ.’’

මේ විදියටයි යුරේනි නොෂිකා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *