8 වසරෙ ඉදන් යාලුවට මම කිව්වා බදිමු කියලා, එයා කිව්වා මාව බැන්දොත් කනේ පුලුන් ගහන් ඉන්න වෙන්නෙ කියලා
නිරූපිකාවක්, වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් විදියට ක්ශේෂ්ත්‍රයේ දකින්න ඉන්න කැපී පෙනෙන චරිතයක් තමයි යුරේනි නොෂිකා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ රංගන ශිල්පිනියක් විදියට පුංචි තිරය, සිනමාව, මියුසික් වීඩියෝ හරහා ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයාට දැක ගන්න පුලුවන් වුනා.

ඉතින් යුරේනි නොෂිකා කියන්නේ අලුත් අලුත් විලාසිතා වගේම කාගේත් කතා බහට ලක් වෙන විලාසිතාවන් කරන කෙනෙක්. ආන්දෝලනාත්මක ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හරින යුරේනි මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වෙන හපි අවර් වැඩ සටහන ඉතා ආකර්ෂණීයව ඉදිරිපත් කරනවා.
ඉතින් මේ විදියට කාගේත් අවධානය ඉතා ඉක්මනින් ලබා ගන්න යුරේනි නොෂිකා එක්තරා මාධ්‍ය හමුවකදී ඇගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” යාලුවෝ යාලුවෙන්නත් පුලුවන්. මගේ ඉස්කෝලේ යන කාලේ 8 වසරෙ ඉදන් හිටපු යාලුවා තවම බැදලා නෑ. එයා ඉන්නේ පිටරට. අපි දෙන්නම සිංගල්. මම ඇහුවා 40 වෙනකම් මෙහෙම ඉදලා අපි දෙන්නම සිංගල් හිටියොත් බදිමුද කියලා. එයා කිව්වා අප්පේ ඔයාව බැන්දොත් කනේ පුලුව කෑලි දෙකක් ගහගෙන තමයි ඉන්න වෙන්නෙ කියලා.”
මේ විදියටයි දක්ෂ රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා අදහස් දක්වලා තිබුණේ.